නීතිපතිවරයා පාස්කු ප්‍රහාරය සොයන කාරක සභාවේදි සාක්ෂිදීම ප්‍රතික්ෂේප කරයි

July 26, 2019

නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂිදීම ප්‍රතික්ෂේප කිරීම නිසා අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකුගෙන් සාක්ෂි ලබාගැනීමට කාරක සභාව තින්දු කළේය.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කාරක සභාව හමුවේ සාක්ෂි දෙනු ලැබීය.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබා දීම ආරම්භ කළ අතර පසුව සමහර කාරනා සම්බන්ධයෙන් සාක්ෂිදීමට හැකියාවක් නැති බව ප්‍රකාශ කළේය. මන්ද එම සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පවරා ඇත්තේ තමන් බැවින් මෙහි සාක්ෂිදිම සාධාරන නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. කාරක සභාව එම ඉල්ලීම ඉඩ ලබා දුන්නේය.

අද(26) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හා ශ්‍රී ලංකා මහබැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ආර්. ජයරත්න මහතා ද විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටියේය.

මේ අතර ඊයේ දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති එම්. ආර් ලතීෆ්, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් යන මහත්වරුන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම  සිදුකළේය.

t

o

p