මහ බැංකු අධිපති පත් කළ කෙනා ගැන ඇසුවත් ආරක්ෂක ලේකම් පත් කළ කෙනා නොඅසයි

July 4, 2019

මහබැංකු අධිපතිධූරයට අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමේ වගකීම අගමැති ගත යතු බවට කෑ මොර දුන් අය ආරක්ෂක ලේකම්ධූරයට හේමසිරි ප්‍රනාන්දු පත් කිරීමේ වගකීම ගන්නේ කව්දැයි විමසනේනේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කිරීමෙන් රටේ කිසිදු පුරවැසියෙකුගේ ජිවිත හානි නොවුනද ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජන ජීවිත 250 කට අධික සංඛ්‍යාවක් අහිමිවූ බවට නැගෙන චෝදනාවෙන් තනතුරට පත් කළ අයට ගැලවීමක් නැතැයිද මන්ත්‍රීවරයා කීය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේ කීවේ කොළඹඅරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදීය.
පොලිස්පති වශයෙන් පුජිත් ජයසුන්දර මහතා පත් කෙරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් බවට කර තිබෙන ප්‍රකාශ පිළිබඳව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රී හමුවේදි දීර්ඝ වශයෙන් කරුණු ප්‍රකාශ විය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපති නියෝජිතයා ද සිටින බව අමතක කරමින් රටට වැරදි පණිවුඩයක් යැවිනැයිද එහිදි මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබේ.
ආරක්ෂක ලේකම් ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කිරීම තනි අභිමතය පරිදි සිදුවිනකැයිද මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

t

o

p