අවසන් පූර්ව වටයට පිවිසීම සදහා පකිස්ථානයට පෙර නොවු විරූ අභියෝගයක්

July 4, 2019

ක‍්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ විරූ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායමට සිදුව තිබේ. ඒ, මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාකර ගැනීම සඳහාය.

ඔවුන්ට ඒ සඳහා ඇත්තේ තවත් එක් තරගයක් පමණකි. බංග්ලාදේශය සමග හෙට (05) පැවැත්වෙන තරගය ඔවුන් අනිවාර්යෙන්ම ජයගත යුතුවේ. කෙසේවෙතත් එය සාමාන්‍ය ජයග‍්‍රහණයක් පමණක් නොවිය යුතු අතර බංග්ලාදේශය එරෙහිව දැවැන්ත ලකුණු පරතරයකින් ජයගත යුතු වේ.

ඒ අනුව පාකිස්තානය තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදී ලකුණු 350ක් රැස් කර ගත යුතු අතර එම තරගයෙන් ලකුණු 311ක ජයක් ලැබීම ද අනිවාර්යවේ. එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 316ක හෝ ලකුණු 321ක පරතරයකින් යුක්ත ජයක් වාර්තා කළහොත් පමණක් පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

ඒ සඳහා පාකිස්තානය හෙට තරගයේදී ලකුණු 400ක් හෝ 450ක් රැස්කර ගත යුතුවේ. යම් හෙයකින් පාකිස්තානය ලකුණු 308කට වඩා අඩුවෙන් දැවී ගියහොත් එම තරගය ජය ගත්තද ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට නෙැහැකිවේ.

එමෙන්ම පාකිස්තානයට හෙට තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදීමට නොහැකි වුවහොත් ඔවුන්ට කිසිසේත්ම මෙම අවස්ථාව හෝ උදා නොවීම ද විශේෂත්වයකි.

ලෝක ක‍්‍රිකට් වාර්තා පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වූයේ ලොව ක‍්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් කිසිඳු කණ්ඩායමක් ලකුණු 300කට වඩා පරතරයකින් තරගයක් ජයගෙන නොමැති බවය. 2008 වසරේදී නවසීලන්තය අයර්ලන්තයට එරෙහිව ලැබූ ලකුණු 290ක ජය මේ වනවිට පවතින ලෝක වාර්තාව වේ.

පකිස්තානයට මෙම තත්ත්වය උදා වූයේ වැඩි දළ ලකුණු වේගයක් සහිතව ප‍්‍රසාද ලකුණු 11ක් සමග නවසීලන්තය සිව්වන ස්ථානයේ පසුවීමය. දැන් පාකිස්තානයට සිදුව ඇත්තේ තරගය ජයගෙන ප‍්‍රසාද ලකුණු 11ක් ලබා නවසීලන්තයේ දළ ලකුණු වේගය ද අභිබවා යාමේ අභියෝගය ජය ගැනීමටය.

මේ අතර මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් ස්ථාන 02හි සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අද තරග බිමට පිවිසේ.

t

o

p