ආණ්ඩුව රටේ අධ්‍යාපනය එක පැත්තකින් කනත්තටත් අනික් පැත්තෙන් මස් කඩයටත් දක්කාගෙන යනවා

June 28, 2019

මේ ආණ්ඩුව රටේ අධ්‍යාපනය එක පැත්තකින් කනත්තටත් අනික් පැත්තෙන් මස් කඩයටත් දක්කාගෙන යනවා යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

මේ ආණ්ඩුව රටේ අධ්‍යාපනය එක පැත්තකින් කනත්තටත් අනික් පැත්තෙන් මස් කඩයටත් දක්කාගෙන යමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින් නාගමුව පවසයි. කැබිනට් මණ්ඩලය උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම සඳහා වන යෝජනාවට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්  ඔහු පවසන්නේ අධ්‍යාපනය නවීකරණය සඳහා විවිධ ව්‍යපෘති හඳුන්වා දෙන බව පවසමින් ජනතා මුදල් විශාල ලෙස නාස්ති කර දමන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

උසස් පෙළ සිසුන්ට ටැබ් එකක් ලබාදීම හරහා  දැනට පවතින අධ්‍යපනයේ විෂමතාවයට තව විෂමතාවයක් පටවනවා. අධ්‍යාපන නවීකරණයට අලුත් තාක්ෂණික උපකරණ හඳුන්වා දිය යුතුයි. මේ ටැබ් එක සඳහා රු මිලියන 6500ක් වියදම් කරලා.  අපේ රටේ පාසල්වලින් තුනෙන් එකක ඉගැන්වීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරු නැති මොහොතක තමයි  ටැබ් හඳුන්වා දෙන්න යන්නේ. වැසිකිළි පහසුකම්, ජල  පහසුකම් නැති ඉස්කෝල විශාල ප්‍රමාණයක් තියෙනවා.   ඒවගේම පහසුකම් නොමැතිකම නිසා පාසල් විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවධානමකට මුහුණ දී තියෙනවා.

2016 වසරේ කොන්ත්‍රාත් අරගෙන තිබෙන්නේ ටැබ් එකක් සඳහා රු 32000 මුදලකටයි . දැන් මේවා තාක්ෂණික වශයෙන් කල් ඉකුත්වෙලා වගේම මේ ටැබ් එකක මිල රු 16000 දක්වා පහළ වැටිලා.

මේ ආණ්ඩුව  හදුන්වා දුන් සුරක්ෂා රක්ෂණය  පැත්තකින් වංචාවක්   වගේම තවත් පැත්තකින් සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණ සඳහා එන කසකාරයෙක්. පුළුල් සෞඛ්‍ය සේවයක් තියෙද්දී දරුවන්ට වෙනම රක්ෂණයක් මොකටද . වසර දෙකකදී රු මිලියන 5000ට අධික මුදලක් වියදම් කර තියෙනවා. රක්ෂණ ක්‍රමයක් හරහා තමන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට කුඩා කාලයේ සිටම දරුවන් හැඩගැස්වීම මේ රක්ෂණයේ අරමුණක්. වසර දෙකකදී ප්‍රතිලාභ ලබාදී තියෙන්නේ මිලියන 265ක් පමණයි.

ඒවගේම පාසල් සඳහා පල්ස්ටික් පුටු හඳුන්වා දීමට යනවා. මෙය වෛද්‍ය විද්‍යාත්මකව වගේම පරිසරිකවත් හානියක්. කල් පවතින බව පවසමින් 2017 වසරේ 9 වසර භුගෝලයට ප්ලාස්ටික් පොතක් හඳුන්වා දුන්නා. එය එක අවුරුද්දයි තිබුනේ.

ඒවගේම ඊයේ සම්මත කරගත් යෝජනාවකට අනුව ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න රජයෙන් සල්ලි දෙනවා.  උසස් අධ්‍යපන, අධ්‍යපනය පුළුල් කිරීම සංහා සංවර්ධනය කිරීමේ අරමුදලේ ඉතුරුවෙලා තියෙන මුදල් උපාධි කඩ ආරම්භ කිරීම සඳහා ලබාදෙන්න සූදානම් වෙනවා. මෙය කරන්නේ සයිටම් උපාධි කඩය පිළිබඳ මුළු රටටම හෙළිදරව්   වී එයට විරුද්ධව මේ රටේ ජනතාව සටනක් ගෙන ගොස් එය පරාජය කිරීමෙන් පස්සෙයි. මේ ව්‍යාපෘති හඳුන්වා දීම සඳහා නාස්ති කරන්නේ ජනතා මුදල්.

t

o

p