කලු අජිත්ට ගැහුවේ ගණේමුල්ලේ සංජිව‍ගේ උවමනාවට මෙන්න විස්තර

June 6, 2019

ජා ඇල දි වෙඩි වැදි මිය ගිය පාතාල සාමාජිකයෙකු වු කලූ අජිත්ගේ මරණය බන්ධනාගාර ගතව සිටින ගණේමුල්ලේ සංජිවගේ කොන්ත්‍රාත්තුවක් බව පොලිස් විමර්ශන වලදි හෙලිව තිබේ.

මිනුවන්ගොඩ, පත්තඬුවන,116-1 නිවසේ පදිංචිව සිටි ක්‍රිශාන්ත අජිත් කුමාර නොහොත් කලූ අජිත් මෙහිදි වෙඩි වැදි මිය ගොස් තිබුණි.

මොහු උදම්මිට සමරේ ඇතුලූ ඝාතන ,මනුෂ්‍ය ඝාතන කිරිමට තැත් කිරිම,මංකොල්ලකෑම් අදි අපරාධ රැසක් සිදු කර ඇප මත නිදහස්ව සිටි අයෙකි.කලක් ගණේමුල්ලේ සංජිවට වැඩ කළ මොහු පසුව ඔහු හා මුදල් ගණුදෙනුවකට විරසක වි වෙන්ව ගණේමුල්ලේ සංජිවට අභියෝග කලේය.

කලූ අජිත්ගේ කණේ පැවති ආබාධයකට පෙරේදා (05) දින මිතුරෙකු සමග ජා ඇල –කණුවන පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබේ.පසුව පත්ත¾ඩුවන නිවසට ගොස් ආපසු මිතුරා බැස්සවිමට ජා ඇල –මහවත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේ ස්කුටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටි -56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබුණි.

මෙහිදි කලූ අජිත්ගේ හිසට හා උරහිසට වෙඩි තුනක් තබා ඇති බව මුලික පොලිස් විමර්ශන වලදි හෙලිව තිබේ.මේ වනවිට අවට ඇති සිසිටිවි දර්ශනද ලබා ගනිමින් ඒ ඔස්සේද පරික්ෂණ ආරම්භ කර තිබේ.

ජා ඇල පොලිසිය ,බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශය ඇතුලූ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

kalu Ajith (1) (1)

t

o

p