ඇමතිධූරවලින් ඉවත් වූ ඇමතිවරු පාර්ලිමේන්තුවේ හිටපු අසුන්වලම

June 4, 2019

ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් ඇමතිවරුන් වන රිෂාඩ් බදියුධින්, එම්.එම් හාරිස්, අලිසහිර් මව්ලානා, අබ්දුල්ලා මහරුෆ් හා ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරුන් පමණක් පාර්ලිමේන්තුවට අද (04) පැමිණ සිටි අතර ඔවුන් තමන් පෙර සිටි අසුන්වලම අසුන් ගෙන සිටියහ.
රිෂාඩ් බදියුධින් මන්ත්‍රීවරයා ඔහු ඇමතිධූරය දරද්දී සිටි පළමු පෙළ අසුනේ සිටි අතර ෆවුසි මන්ත්‍රීවරයා ඔහුගේ අසුනේ සිට පසුව බදියුධින් ඇමතිවරයා අසලට පැමිණ අසුන් ගෙන සිටියේය. එම්.එම් හාරිස්, අලිසහිර් මව්ලානා හා අබ්දුල්ලා මහරුෆ් යන මන්ත්‍රීවරුද තුන්වන පෙළ හා හතරවන පෙළ ආසනවල අසුන් ගෙන සිටියහ.
එම අවස්ථාවේදී නැගී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇමතිධූරවලින් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරු මුල් පෙල ආසනවල සිටින්නේ කෙසේදැයි මුලාසනයෙන් විමසා සිටියේය. මූලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා කියා සිටියේ ඇමතිවරු ඉල්ලා අස්වීම ගැන මෙතෙක් පාර්ලිමේන්තුව දැනුම්වත් කර නොමැති බවයි.
සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල එහිදි නැගිට කියා සිටියේ පක්ෂ නායකයින් නිසා රිෂාඩ් ඇමතිවරයා ඉදිරි පෙළ අසුනක සිටින බවය. එසේම පක්ෂ නායක රැස්වීමේදි මේ පිළිබද සාකච්ඡා කරන බවද සභානායකවරයා කීවේය.
රාවුෆ් හකිම් මහතා ද පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර ඔහු පසුපෙළ අසුනක හිදගෙන සිට නැගිට ගියේය.

t

o

p