ජාතික බුද්ධි ප්‍රධානියෙකු මුල්වරට එළියට ගෙනාවේ මහින්දගේ ආණ්ඩුවෙන්

May 31, 2019

ජාතික බුද්ධි ප්‍රධානියා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවට කැදවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරු නොදන්නා කාරණයක් වන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද ඔහුගේ බුද්ධි ප්‍රධානියා මාධ්‍ය හමුවකට කැදවූ බවය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ජාතික බුද්ධි ප්‍රධානියා මාධ්‍යවේදින් හමුවට කැදවා ඔවුන්ට ප්‍රශ්න ඇසීමට ද අවස්ථාව උදා කර දුන්නේය.
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මෙම මාධ්‍ය සාකච්ඡාවට පැමිණි ජාතික බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතරණ කීවේ තමන් සාමාන්‍ය සමාජයට නිරාවරණය වූ පළමු අවස්ථාව මෙය කියාය. 2010/01/18 වන දින මෙම මාධ්‍ය හමුව පැවැත්විනි. එහිදි ඔහු කළේ කේ.පි අත්අඩංගුවට ගැනීම හා ඔහු සතු දේපොල පිළිබද හෙළිදරව් කිරීමය. එහිදි කේ පි සතු වත්කම්වලට වූ දේ ගැන මාධ්‍ය ඇසු විට ඒවා හෙළි නොකරන ලෙස ඉල්ලා සිටින්නීය.
ඔහු එසේ කරන්නේ කේ.පි ගේ වත්කම් රාජපක්ෂලා හොරකම් කළ බව හෙළිවන නිසාවෙන් මිස ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නොවේ.
ලංකාවේ බුද්ධි ප්‍රධානීන් මෙසේ මාධ්‍ය ඉදිරියට හා තේරිම් කාරක සභා ඉදිරියට පැමිණිම වරදක් ලෙස දකින බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් වන්නේ ඇමරිකාවේ බුද්ධි ප්‍රධානින්ද මෙසේ සෙනෙට් මණ්ඩලය ඉදිරියට ගෙනවිත් ප්‍රශ්න කරන අතර එය මාධ්‍යයට නිරාවරණය කරන බවය.
ජාතික බුද්ධි ප්‍රධානියා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවට සහභාගී වූ ජයාරූපය
KapilaHendaWitharana[1]

t

o

p