නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න

April 26, 2019

නීතිපති  ජයන්ත ජයසූරිය මහතා නව අගවිනසුරුවරයා ලෙසද අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා  නව විගණකාධිපතිවරයා  ලෙසද පත්.කිරීමට තීරණය කර ඇත.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා සහ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පසගියදා විශ්‍රාම ලැබීම නිසා මෙම නව පත්කිරීම් ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අද ( 26 ) පෙරවරුවේ සිදු කරන ලදි..

නව අගවිනිසුරුවරයා සහ විගණකාධිපතිවරයා පත් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි සභාපති , කතානායක කරු ජයසූරිය මහතාගේ පුධානත්වයෙන් ඊයේ පෙරවරුවේ රැස් විය.

මෙම පුරප්පාඩු සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එවා තිබූ නිර්දේශ නාමයන් සලකා බැලූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජයන්ත ජයසූරරිය මහතා අගවිනිසුරු ලෙසත් චූලන්ත වික්‍රමරත්න මහතා විගණකාධිපති ලෙසත් පත් කිරීමට අනුමැතිය පළ කර ඇත.

ඒ අනූව අදාළ පත්කිරීම් සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය කතානායකවරයා විසින් ඊයේ දිනයේම ජනාධිපත්වරයා වෙත දන්වා යවන ලදි.

දහනව වැනි ව්‍යවස්ථා  සංශෝධනයට අනූව අගවිනිසුරු, නීතිපති, ශ්‍රෙෂ්ඨාධිකරණය විනිසුරුවරු සහ පොලිස්පති ඇතුලු උසස් තනතුරු සදහා සුදුස්සන් පත් කිරීමට ජනාධිපතිවරයාට  අනුමැතිය ලබා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනි.
කතානායකවරයා සභාපතිත්වය දරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අගමැති සහ විපක්ෂ නායක නිළබලයෙන් සාමාජිකයෝ වෙති. ඊට අමතරව ජනාධිපතිවරයාගේ , අගමැති සහ විපක්ෂනායකගේ  නියෝජිතයන් තිදෙනෙක්,සුලු පක්ෂ නියෝජිතයෙක්  ලෙස මන්ත්‍රවරුන් සිවි දෙනෙකුද , මන්ත්‍රීවරුන්  නොවන සිවිල් නියෝජිතයන් තිදෙනෙක්ද වශයෙන් සාමාජිකයන් දස දෙනෙකුගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  සමන්විතය.

t

o

p