එ.ජාතීන්ගේ ආරක්ෂක යෝජනාවට ශ්‍රී ලංකාව අත්සන් කරලා නැහැ

April 26, 2019

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගිය වසරේ (2018) සම්මත කළ ලෝකයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ යෝජනාවට (UN Cord of Conduct World Terrarism) ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් නොකලේ නම් ඒ සම්න්ධයෙන් වහාම කරුණු දක්වන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශයට ඊයේ (25) නියෝග කළේය.
එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2018 සැප්තැම්බර් මාසයේදී සම්මත කරනු ලැබු ඉහත යෝජනාවට කලාපයේ සෙසු රටවල් වන පිලිපිනය සැප්තැම්බර් 28 දාත්, තායිලන්තය ඔක්තෝම්බර් 01 දාත් අත්සන් තබන ලදි.
ඊට අමතරව ඊජිප්තුව, සිරියාව, නයිජිරියාව මෙන්ම රුසියාවද ඇතුළුව ප්‍රබල රාජ්‍යයද ඇතුළුව රටවල් 77 ක් මේ වන විට එක්සත් ජාතින්ගේ සංවිධායේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ යෝජනාවට අත්සන් තබා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉහත යෝජනාවට අත්සන් තබන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපයේ සංචාරය කළ අතරවාරයේ ඒ ගැන දැනගත් විගස දැනුම් දුන්නේය.
යහපාලනය සඳහා වූ ජාතික රජය ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැතිගේ දින 52 ආණ්ඩුව පැවැති කාලයේ දී ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය කාර්යාලයට ඊයේ (25) සවස වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය කරුණු වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත්වූ පසුව යෝජනාව අත්සන් කිරීමට විධිමත් පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කරගෙන ඇත.

t

o

p