අදත් පොලිස් ඇදිරි නීතිය කොළඹ ඇතුළු ප්‍රදේශ පාලුවට යයි

April 22, 2019

පොලිස් ඇඳිරි නීතිය අද(22) රාත්‍රී 8 සිට හෙට(23) උදෑසන 4 දක්වා නැවත වතාවක්  ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු වේලාවකට පෙර මේ බව නිවේදනය කළේය.

ඇදිරි නීතිය ඊයේ (21) සවස 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක විය.

කෙසේ නමුත් පිපිරිම් හේතුවෙන් හා ඇදිරි නීතිය හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න නගර රාශියක් පාලුවට ගොස් තිබුනි. රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් රැසක් අද දින සේවයට වාර්තා කොට තිබුනේ නැත.

 

t

o

p