මාලදිවයිනේ සිටි ධිවර්‍යින් 11 ක් හෙට ලංකාවට

April 11, 2019

මාලදිවයිනේ රදවාගෙන සිටි ශ්‍රී ලංකික ධිවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට හැකි වූ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

           අමාත්‍යවරයා සදහන් කලේ මෙම ධිවරයින් අද [ 11 ] රාත්‍රී යලි ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවය . යු.එල්.104 දරන ගුවන් යානයෙන් හෙට රාතී‍්‍ර 9 ට මෙම ධිවරයින් 21 දෙනා මාලදිවයිනෙන් පිටත්වීමට නියමිතය .

           අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින බලධාරීන් සමග කල සාකච්ජාවල ප්‍රථිපලයක් ලෙස මෙම ධිවරයින් පිරිස යලි ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය .

            විදේශ රටවල රදවා සිටින ශ්‍රී ලංකික ධිවරයින්  උදාවන සිංහල අළුත් අවුරුද්දට පෙර යලි සිය රට ගෙන්වාගැනීමේ කඩිනමි වැඩපිළිවල යටතේ මෙම ධීවරයින් මාලදිවයින බලධාරීන්ගේ අත්අඩංගුවෙන් නිදහස් කරගනිමින් යලි ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට හැකි වූ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

             මාලදිවයින බලධාරීන්ගේ අත්අඩංගුවෙන් නිදහස් කරගත් මෙම ධීවරයින් 21 දෙන යලි ගෙන්වාගැනීම සදහා ගුවන් ටිකට්පත් , ආහාර සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 16 ක මුදලක් පෙරේදා [ 09 ] දින ධිවර දෙපාර්තමේන්තුව මගින් ලබාදීමටද කටයුතු කර තිබුණි .

            මාලදිවයින අත් අඩංගුවේ පසුවන ලංකික ධිවරයින් නිදහස් කරගැනීමට අවශ්‍ය සියළු කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා බහුදින ධීවර යාත්‍රා හිමියන්ට පසුගිය මස 13 දින සහතිකයක් ලබා දී තිබුණි . මෙම ධීවරන් නිදහස් කරගැනීම පිලිබදව බහුදින ධීවර යාත්‍රා හිමියන් සමග පැවති එම සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහතික කර ප්‍රකාශ කලේ කෙසේ හෝ සති කිහිපයක් තුල එම ධීවරයින් යලි ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බවය  . එම පොරොන්දුව පරිදි මෙම ධිවරයින් යලි කඩිනමින් ගෙන්වාගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය .

               

          අරාබි මුහුදු ප්‍රදේශයේ ධිවර රැකියාවේ නිරතව නැවත ලංකාව බලා යාත්‍රා කරමින් තිබු බහුදින ධිවර යාත්‍රා 02 ක් , නෙලාගන්නා ලද මත්ස්‍ය තොග සහ ධිවර උපකරණ මෙන්ම ධිවර කාර්මිකයින් සමගද , අරාබි මුහුදු ප්‍රදේශයේ ධිවර රැකියාව සදහා යාත්‍රා කරමින් තිබු තවත් බහුදින ධිවර යාත්‍රා දෙකක් ධිවර කාර්මිකයින් සහ ධිවර ආම්පන්න සමග මාලදිවයින් බලධාරිනේ අත් අඩංගුවට පත්ව තිබුනේ පෙබරවාරි මස 28 දිනය  .

t

o

p