පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය හේතුවෙන් ජනාධිපතිවරයා පසු පස දොරින් පාර්ලිමේන්තුවට පැමිණේ

April 3, 2019

සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ උද්ඝෝෂණය නියැලීම නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අද (03) සවස පිටුපස පිවිසුමෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවිය.
සබරගමුව විශ්ව විද්්‍යාල සමාජයීය විද්‍ය හා භාෂා පීඨයේ භාෂා අධ්‍යයන අංශයට බදවා ගන්නා සිසුන් ප‍්‍රමාණය අඩු කිරීම සම්බන්ධයෙන් ජවිපෙ මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අද සවස සභාව කල් තැබීමේ විවාදය සදහා යෝජනාව ඉදිරිපත් කළේය.
මෙම ගැටළුවටම අදාළව අද උද්ඝෝෂණයක් පැවැත්වූ විශ්ව විද්‍යාල සිසුන් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසල සිට විරෝධතා පාගමනකින් පාර්ලිමේන්තුව දක්වා පැමිණියහ.
ජනාධිපතිවරයාද මේ අවස්ථාවේ කමිට රැස්වීමකට සහභාගී වීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිට ඇත. මේ අවස්ථාවේදී සරසවි සිසුන් මාර්ගය අවහිර කිරීම නිසා වෙනදාට පැමිණෙන පාර්ලිමේන්තු ඉදිරිපස මාර්ගයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වී ඇත. මේ හේතුවෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිටුපස ඇති පිවිසුමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියේය.

t

o

p