මාලදිවයින් පනින් හැදු කංජිපානි හා ගෝලයෝ කටුනායකදි අල්ලයි

March 29, 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධ රැසකට නායකත්වය දුන් මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් ශ්‍රි ලන්කන් තුවන් සමාගමට අයත් යු.එල්.101 ගුවන් යානයෙන් මාලදිවයිනට යාමට සැලසුම් කර තිබියදි අත්අඩංගුවට පත් වු බව පොලිසිය පවසයි.

මාකඳුරේ මධුෂ් විසින් පවත්වපු සාදයකට සහභාගි විසිටියදි ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වු කංජිපාන ඉම්රාන් මාස දෙකකට ආසන්න කාලයක් එරට බන්ධනාගාර ගතව සිටියේය.ඔහු හා අත්අඩංගුවේ පසු වු තවත් තිදෙනෙකු ඉකුත් 27 වෙනි දින ඩුබායි රජයෙන් මෙරටට පිටුවහල් කර තිබුනි.ඩුබායි සිට පැමිණි ප්ලයි ඩුබායි ගුවන් සේවයේ එප්.ඉසෙඩ්.547 දරණ ගුවන් යානයෙන් 28 උදෑසන  6.20 ට පමණ මොවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.

කංජිපාන ඉම්රාන් සමග එසේ පැමිණ තිබුනේ අමිල සම්පත්, අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා ,ඇන්ඩර්සන් යන තිදෙනාය.මොවුන් සිව් දෙනාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපලේ නිළධාරින් විසින් මගි පර්යන්තයේ රැඳි සිටියදි අත්අඩංගුවට ගෙන තිබුණි.

අමිල සම්පත් හා ඇන්ඩර්සන් එරට සේවය කරන්නන් වු අතර ජංගා ගොස් ඇත්තේ ඉකුත් පෙබරවාරි 03 දාය.

2015-03-28 වෙනි දින ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඩුබායි ගොස් ඇති කංජිපානි ඉම්රාන් 2016 වසරේදි නේවාසික විසා ලබාගෙන සුඛෝපභෝගි නිවසක් අනු නව අවුරුද්දකට බදු ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

එමෙන්ම මධුෂ් වෙනුවෙන් එරට නිවස මිලදි ගෙන ඇත්තේද කංජිපාන් ඉම්රාන්ගේ අනියම් බිරිඳගේ නමට බවද හෙලිව තිබේ.මොහු මාලිගාවත්ත,ජම්පටාවිදිය,මෝදර ආදි ප්‍රදේශක රැසක සිදු වු ‍අපරාධ රැසකට නායකත්වය සපයා ඇති බවද පොලිසිය පවසයි.

කංජිපානි ඉම්රන්ගේ වර්තමාන ස්වරූපය

කංජිපානි ඉම්රන්ගේ වර්තමාන ස්වරූපය

මධුෂ්ගේ ගෝලයකු වන අනුරාධ කෞෂාල්

මධුෂ්ගේ ගෝලයකු වන අනුරාධ කෞෂාල්

අමිල සම්පත්

අමිල සම්පත්

ඇන්ඩර්සන් ෆර්නැන්ඩස්

ඇන්ඩර්සන් ෆර්නැන්ඩස්

t

o

p