වැය ශිර්ෂ යළි සම්මත කර ගන්නවා රජය – බැහැ විපක්ෂය

March 29, 2019

වැය ශිර්ෂ දෙක යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආයතන දෙකෙහි වැය ශිර්ෂයන් පරාජයට පත්විම පිළිබද ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පක්ෂ නායක රැස්විමේදි මෙම වැය ශිර්ෂයන්ට ඡන්දයක් ඉල්ලන්නේ නැති බවට විපක්ෂය දී තිබු පොරොන්දුව මෙයින් කඩ කර ඇති බව ද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය පුරුදු පරිදි කඩාකප්පල්කාරි පිළිවෙත අරඹ ඇතැයිද ඒ මහතා පැවසීය.

නමුත් පරාජයට පත්වූ වැය ශිර්ෂ යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

මෙම අමාත්‍යාංශයන්හි වැඩ කටයුතු සදහා මුදල් ලබා ගැනිමට නම් අය වැය සම්මත වූ පසු පාර්ලිමේන්තුව රැස්වී පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් කීවේය.

ජනාධිපති සිහිනය දකින ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකුගේ වැය ශිර්ෂය පරාජයට පත් කිරිමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුද විපක්ෂයට සහාය දැක්වූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

t

o

p