මොණරාගල කැබ් රථයක් තුළ බාගෙට පිලිස්සුණු මළ සිරුරක්

March 22, 2019

මොණරාගල හොරොම්බුව -සුදුවතුරආර මාර්ගයේ අද (22) අලුයම කැබ් රථයක් ගිනිගෙන පුද්ගලයෙකු පිලිස්සි මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල, හුලංදාව ,ඩිපෝව පාර පදිංචි වනසිංහ ගුරුගේ චන්දන පුෂ්පකුමාර නම් පනස් හැවිරිදි අයෙකි.

සිය බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන මොහු ඊයේ (21) සවස 6.00 ට පමණ කැබ් රථයත් රැගෙන නිවසින් පිටත්ව ගොස් ඇති බව මුලික පොලිස් විමර්ශන වලදි හෙලිව තිබේ.

මොණරාගල පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.

t

o

p