සම්බාහන මුවාවෙන් කළ රත්මාලාන ගණිකා ව්‍යාපාරය වටලයි

March 22, 2019

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් රත්මලාන,ගාලු පාරේ  පවත්වාගෙන ගිය ගණිකා නිවාස තුනක් වටලා සැකකාරියන් හත් දෙනෙකු ඊයේ (21) ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන ඊයේ දින මෙම වැටලිම් කර තිබේ.

එහිදි ගණිකා නිවාස කළමණාකරණය සම්බන්ධයෙන් කතුන් තිදෙනෙක්ද සෙසු සිව්දෙනා ගණිකා සේවයේ යෙදිම සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පන්නිපිටිය,රාගම,තණමල්විල,අඟුණුකොළපැලැස්ස ආදි ප්‍රදේශ වල පදිංචි පිරිසකි.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත ගල්කිස්ස ප්‍රධාන පොලිස් පරික්ෂක අයි.එම්.ඒ .උදයකුමාර මහතාගේ මෙහෙයවිමෙන් ගල්කිස්ස පොලිසිය මෙම වැටලිම් කර ති‍බේ.

සැකකාරියන් අද (22) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

t

o

p