දෙවන ලෝක යුද සමයේ මඩකපුවේ දී මුහුදුබත් වූ නැවක් සොයයි

March 18, 2019

දෙවන ලෝක යුධ සමයේදී මඩකලපුව මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වූ නෞකාවක් සෙවිමේ මුලික කටයුතු සඳහා පසුගිය ( 11)දා  ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘ඩයමන්ටීනා’ සහ ‘ලීවූන්’ යන යුද නෞකාවන් ඊයේ  (17)  ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

නෞකාවන් වරායට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

ඒවායේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් ආර්පී මෝටිමර් සහ ලුතිනන් කොමාණ්ඩර් ඩී මැක්ඩිවිට් යන නිලධාරීන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

‘ඩයමන්ටීනා’ නෞකාව දිගින් මීටර් 52.5 සහ පළලින් මීටර් 9.9 කින් යුත්ත වන අතර එහි නිලධාරින් 6 ක් හා නාවිකයන් 40 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින්  සමන්විත වන අතර, ‘ලීවූන්’ නෞකාව දිගින් මීටර් 71.2 සහ පළලින් මීටර් 15.2 කින් යුත්ත වන අතර එහි නිලධාරින් 10 ක් හා නාවිකයන් 61 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින්  සමන්විත වේ.

නෞකාවන් දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා නැව් මුළු සහභාගී වීමට නියමිතව ඇති අතර, සිය මෙහෙයුම් සංචාරය නිමා කරමින් එම නෞකාවන් අනිද්දා (20) වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

Ship Baticallo LNP 1

t

o

p