නාගවිල්ලුව අනතුරින් පුද්ගලයන් 4 ක් මරුට 6 කට තුවාල

March 18, 2019

ශානි පොල්ගම්පොල

පුත්තලම- කොළඹ මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදි අද (18) අලුයම 1.45 ට පමණ සිදු වු වෑන් -ටිපර්  හා ලොරි රථ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා සිව් දෙනෙකු මිය ගොස් තිබේ.

වෑන් රථය යාපනය දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබියදි ඊට ප්‍රතිවරුද්ධ දෙසින් ගමන් කල ටිපර් රථයේ ගැටි ඇදි ගොස් වෑන් රථය මාර්ගයේ නවතා තිබු තවත් ලොරි රථයකද ගැටි මෙසේ අනතුරට ලක්ව තිබේ.

මෙහිදි වෑන් රථයේ ගමන් කල රියදුරු, පිරිමි පුද්ගලයින් 05 ක්, ගැහැණු පුද්ගලයින් 03 ක් හා දස හැවිරිදි දැරියක් ද නවතා තිබු ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබේ.

මෙහිදි ලොරි රථයේ රියදුරු වන වව්නියාව, තේක්ක වත්ත පදිංචි මොහොමන් රාජ් ලක්ෂාන් (30) හා  වෑන් රථයේ ගමන් කල යාපනය පදිංචි කාන්තාවන් තිදෙනෙකු ත් මිය ගොස් තිබේ.

බරපතල තත්වයේ පසු වු තුවාලකරුවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Accident LNP 1

t

o

p