ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරියේදි ගොඩනගනවා – ඇමති චම්පික

February 28, 2019

පෙරළන්න බැරි, පිල් මාරු කරන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරියේදී

අපි ගොඩනගනවා යැයි ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, බුලත්සිංහල සතිපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපට අවශ්‍යයි ඉදිරියේදී වැනෙන් නැති ආණ්ඩුවක්.  මේ වසරේ ඔක්තෝම්බර් මාසේ 5 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් මිත‍්‍රවරුණි. ඔය පළාත් පාලන, පළාත් සභා මැතිවරණ තිබුණට රටක රාජ්‍ය බලය, ආණ්ඩු බලය සහ තීරණාත්මකව මාරු වෙන්නේ ජනාධිපතිවරණයෙන්. ඒ අනුව මේ වසරේ එම ජනාධිපතිවරණය පැවැත්වෙනවා. 2020 ජනවාරි 08 වෙනිදාට කලින් අලූත් ජනාධිපති කෙනෙක් ආ යුතුයි. අන්න ඒ සඳහා අපි අද ජාතික ප‍්‍රජාන්ත‍්‍රවාදී සංධානය නමින් පුලූල් සංධානයක් ඇතිකර ඒ පුලූල් සංධානයෙන් ශක්තිමත් අපේක්‍ෂකයෙක් අපි ගේනවා මේ රටේ ඊ ළඟ ජනාධිපති හැටියට. ඒ ජනාධිපතිවරණ අවසන් වූ වහාම මහ මැතිවරණ කැඳවනවා. ඒ මහ  මැතිවරණයෙන් අපි බලාපොරොත්තු වෙනවා පෙරළන්න බැරි, පිල් මාරු කරන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගන්න. මේකයි අපේ දේශපාලන ඉදිරි ගමන් මග තියෙන්නෙ.

ඒ නිසා අද පොහොට්ටුවේ කට්ටියට පවුලෙන් පිට ජනාධිපති කෙනෙක් නැහැ. පවුලෙන් පිට අගමැති කෙනෙක්, කතානායක කෙනෙක්, මුදල් ඇමති කෙනෙක් නැහැ. නමුත් මේ පැත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට ඒ සඳහා දක්ෂ පක්ෂ කම් තිබෙන අති විශාල පිරිසක් ඉන්නවා මේ වේදිකාවේ ඉන්නේ එවැනි පිරිස්. ඒක නිසා අපි ජනාධිපතිතුමාට කියනවා අප විසින් එතුමාට ලබාදුන් ජනවරම එතුමා කඩ කළා. ඒ නිසා දැන් කළ යුතු වන්නේ මේ 2019 ජනවාරි 08 වෙනිදායින් පසුව  ඕනම වෙලාවක ජනාධිපතිවරණය කැඳවිය හැකියි. ඒ නිසා වහාම ජනාධිපතිවරණයක් කැඳවන්න. අර මැතිවරණ, මේ මැතිවරණ වලින් පළක් නැහැ. රටට අද අවශ්‍ය ජනාධිපතිවරණය. ඒ ජයග‍්‍රාහක ජනාධිපතිවරයෙක් සමග අලූත් ගමනක් යන්න මේ රට සූදානමින් සිිටිනවා’ යැයි පැවසීය.

t

o

p