හිටපු නියෝජ්‍ය ඇමතිගේ අධාරකරු ලග නිති විරෝධි පිස්තෝලයක්

February 27, 2019

(ශානි පොල්ගම්පොල)

ගම්පහ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ආධාරකරුවෙකු නිති විරෝධි ගිනි අවියක් සමග ඊයේ (26) සවස පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ යක්කල, විදියවත්ත පදිංචි “බැටි” නැමැති හතලිස් හතර හැවිරිදි පුද්ගලයෙකි.මොහු ජලය සැපයිමේ ව්‍යාපාරයක නිරත වන්නෙකි.ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවෙකු වන මොහුට ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන් එල්ල වි ඇති මරණ තර්ජන නිසා මෙසේ ගිනි අවිය තබාගෙන සිටි බව ඔහු අත්අඩංගුවට පත් වු අවස්ථාවේ පවසා තිබේ.
මොහු සන්තකයේ තිබි මිලි මිටර් 8 වර්ගයේ පිස්තෝලයක් ,ඊට යොදන පතොරම් ගැබක්, මිලි මිටර් 8 වර්ගයේ ජිව උණ්ඩ 03 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත එහි උප ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.ඒ.පි.බි.රාජනායක ඇතුලූ නිළධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලිම කර සැකකරු අත්අඩංගුවට ගෙන විරගුල පොලිස් ස්තානය වෙත ඉදිරිපත් කර තිබේ.

t

o

p