ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන 21 දා විවාදයක් – සභානායක

February 7, 2019

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් මෙම  21 දා පවත්වන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි  ප්‍රකාශ කළේය.

අද (07දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබදව කථානායක කරු ජයසුරිය මහතා සිදුකළ ප්‍රකාශයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු එයට විරෝධය පළකළ අතර මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවද පැවසුහ.

එහිදී අදහස් දක්වමින් සභානායන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ මීලග පාර්ලිමේන්තු සැසි වාරයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබද විවාදය පවත්වන බවය. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වලට බධාවන ආකාරයෙන් විපක්ෂ මන්ත්‍රීවරැන් හැසිරෙන්නේනම් එම විවාදය කිසිසේත් ලබානොදෙන බවද සභානායකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ විනාඩි 30 කට වැඩිකාලයක් කල්තැබීමටද කථානායක කරැ ජයසුරිය මහතා කටයුතු කළේය.

 

 

t

o

p