2018 වසර ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජන ලබා ගත් වසරයි

January 12, 2019

“ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජනය 2018 වසරේ තිබුණේ. එය ඩොලර් බිලියන 1.9ක්“ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ පැවසී ය.

පසුගියද සිදුවීමෙන් රටට සිදු වූ හානිය වැඩියි. 2014 වසරේ රට බාරගන්න විට රටට පැමිණි විදේශ සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 15ක් පමන වුණා.බොහොම කෙටිකාලයක් තුළ 2018 වර්ෂය වන විට ලක්ෂ 23කට ඉහළ ගියා.ආදායම ලෙස එය ඩොලර් බිලියන 2.4 සිට 6.3ක්.

අපිට ඩොලර් මිලියන 250ක් අහිමි වුණා අපට සංචරක ව්‍යාපාරයෙන්. අපි ආර්ථිකය කලමනාකරණය කරගෙන ආවා.රටේ ආදායම මේ අවුරුදු තුන තුළ වැඩි වුණා.උද්ධම්නය විශාල ලෙස අඩු වුණා. සෘජු විදේශීය ආයෝජනය වැඩි වුණා. ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජනය 2018 වසරේ තිබුණේ. එය ඩොලර් බිලියන 1.9ක්.

t

o

p