එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පැමිණිලි හා විමසීම් සඳහා ඍජු දුරකතන අංකයක්

October 25, 2018

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, පැමිණිලි ඉදිරිපත් කිරීම ඇතුළු සේවා සඳහා 1925 ඍජු දුරකතන අංකය හඳුන්වා දෙයි. භාෂා තුනෙන් ම ක්‍රියාත්මක මෙම ඍජු දුරකතන සේවය  වෙත ඕනෑම දුරකතන ජාලයක් ඔස්සේ නොමිලේ ඇමැතිය හැකි ය.

මෙම අංකය වෙත ලැබෙන පැමිණිලි විද්‍යුත් තැපෑල මගින් පැමිණිල්ලට අදාළ බැංකු ශාඛාව වෙත යැවෙන අතර එහි පිටපතක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ද  යොමු කෙරේ. දෛනිකව එම පැමිණිලි සම්බන්ධ පසු විපරමක් සිදු කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ව්‍යවාසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් ස්වයං රැකියාලාභීන් ඇතුළු ව්‍යාපාරික ක්ෂේත්‍ර 16කට සහන පොලී පදනමින් ණය ලබා දීමේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය මාර්තු මස අරඹන ලදී. මෙමගින් මෙතෙක් පුද්ගලයන් හා ව්‍යවසායකයන් 29,389 දෙනකුට රුපියල් මිලියන 58,817ක මුදලක ණය ලබා දී තිබේ.

t

o

p