සනත් ජයසූරියට ICC යෙන් චෝදනා

October 16, 2018

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක , හිටපු ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බරපතල චෝදනා දෙකක් එල්ලල කර තිබේ.

ජයසූරිය විසින් එම කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝණය කලේ යයි මෙලෙස චෝදනා කර ඇත.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ පරීක්‍ෂණවලට සහාය නොදැක්වීම හෝ ප‍්‍රතික්‍ෂෙප කිරීම, පරීක්‍ෂණවලට බාධා කිරීම හෝ පරීක්‍ෂණ පමා කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වෙයි.  මේ සම්බන්ධයෙන් නිදහසට කාරණා ඉදිරිපත් කරන්නැයි ජයසුරියට දින 14ක කාලයක්ද ලබා දී ඇත.

t

o

p