ශේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් ගීතාගේ මන්ත්‍රී ධූරය පියසේනට නෑ

May 12, 2017

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මන්ත්‍රීධූරය දැරීමට නුසුදුසු බවට අභියාචනාධිකරණය දුන් තින්දුව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා එහි අවසන් තීන්දුව ලැබෙන තෙක් මැතිවරණ කොමිසම වෙනත් අයෙකු ඇය වෙනුවෙන් පත් නොකිරිමට තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයට ගිතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ පෙත්සමේ අවසන් තීන්දුව ලැබෙන තෙක් මැතිවරණ කොමිසම මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගැනීමට අද (13) රැස්වූ මැතිවරණ කොමිසමේ නිලධාරින් තිරණය කර ඇත.
අභියාචනාධිකරණයේ තීන්දුව ප්‍රකාරව ගිතා කුමාරසිංහ මහත්මියගෙන් හිස්වූ පුරප්පාඩුව වෙනුවෙන් මනාප ලැයිස්තුවේ ඊළගට සිටින කෙනා පත් කර එවන ලෙස මැතිවරණ කොමිසම එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයාට මීට පෙර දැනුම් දී තිබුනි.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවිර මහතා විසින් මනාප ලැයිස්තුවේ ඊළගට සිටින පියසේන ගමගේ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යවා තිබුනි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම අද මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට රැස්වූ අතර එදිනම ශ්‍රේෂ්ඨාධිකරණයද අතුරු නියෝගයක් නිකුත් කිරිම නිසා පියසේන ගමගේ මහතාගේ නම ගැසට් කිරිම අධිකරණ තින්දුව ලැබෙන තෙක් අත්හිටුවිමට තීරණය කර තිබේ.

t

o

p