පාර්ලිමේන්තුවේ තවත් ද්විත්ව පුරවැසියන් සිටී දැයි සොයන්න පැෆරල් සූදානමක

May 12, 2017

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතර තවත් ද්විත්ව පුරවැසිභාවය තිබෙන මන්ත්‍රීවරුන් සිටින්නේදැයි සොයා දෙන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය ආගමන විගමන පාලකවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිමට තීරණය කර ඇත.
ලබන සදුදා මෙම ඉල්ලීම අගමන විගමන පාලකවරයා වෙත යොමු කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
රටේ නිති සම්පාදනය කරන ස්ථානය වන පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටිම රටේ අනාගතයට ගැටලූවක් බවද පෙන්වා දුන් ඒ මහතා ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධූර දැරිය නොහැකිය යන නිතිය අමාත්‍යාංශ ලේකම්වරුන්ටත් දැමිය යුතු බවද කීවේය.
අගමන විගමන පාලකවරයා දෙන තීන්දුව අනුව තවත් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව තුළ සිටින්නේද නැද්ද යන්න නිවැරදිවම සොයා ගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

t

o

p