තෙල් ටැංකි සංවර්ධනයට ලංකා-ඉන්දියා හවුල් සමාගමක් ; දේශපාලන තීන්දු අරන් අවසන්

May 3, 2017

ත්‍රිකුණාමලය ඉහළ තෙල් ටැංකි තවාන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා – ඉන්දියා තෙල් සමාගම එක්ව ආරම්භ කරනු ලබන හවුල් සමාගමක් යටතේ සංවර්ධනය කිරිමේ දේශපාලන තින්දුව අරන් අවසන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (03) ප්‍රකාශ කළේය.
ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය හා තෙල් පරිපහදුව ඇතුළු කර්මාන්ත සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් ගත් තින්දුවට අනුව ගිවිසුම් අත්සන් නියමිත බවත් එම ගිවිසුම් අත්සන් කිරිමට පෙර වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට අවශ්‍ය වෙනස්කම් කරනා බවත් අගමැතිවරයා කීවේය.
අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේදි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියානු සංචාරයේදි අත්සන් කළ ගිවිසුම් පිළිබඳවත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි බදු දිමට ගිවිසුම් අත්සන් කළේද යන්නත් ගැන මෙහිදි ප්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දුන් අගමැතිවරයා දෙරට අතර අත්සන් කළ ගිවිසුම් අනුව සංවර්ධන ව්‍යාපෘති ගණනවක් රට තුළ ඇති බව බව කීවේය.
මෙගාවොට් 500 ක එල්.එන්.ජි විදුලි බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරිම, මෙගාවොට් 50 ක සුර්ය තාප විදුලි බලාගාරයක් සාම්පූර් ප්‍රදේශයේදි ඉදි කිරිම, ත්‍රිකුණාමලය සංවර්ධනය කිරිම, ශ්‍රී ලංකාවේ හදුනාගත් ප්‍රදේශවල විශේෂිත ආර්ථික කලාප ඇති කිරිම, මන්නාරම සිට යාපනය දක්වාත් මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වාත්, දඹුල්ල සිට ත්‍රිකුණාමලය දක්වාත් අධිවේගි මාර්ගය ඉදිකිරිම, ලංකාවේ දුම්රිය මාර්ග සංවර්ධනය, කොළඹ වරායේ නව බහාලූම් පර්යන්තයක් ඉදි කිරිම හා කෘෂිකර්ම හා පශු සම්පත් අංශවල සංවර්ධනය කිරිම මෙම ගිවිසුම් අනුව කිරිමට යෝජිත ව්‍යාපෘති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
2003 සිට ත්‍රිකුණමලය තෙල් ටැංකි බදුදිම තුළින් ඩොලර් ලක්ෂයක බැගින් බද්දක් ඉන්දියාවෙන් වාර්ෂිකව ලද බවත් එය ඉකුත් රජය ද ලබා ගත් බවත් අගමැතිවරයා කීවේය. එම බදු ගිවිසුම් නිවැරදි කොට ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ඉන්දියා – ලංකා තෙල් සමාගම යටතේ සංවර්ධනය කරනා බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනා බව පැවසු අගමැතිවරයා මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බලපෑමක් නොවන බවද ප්‍රකාශ කළේය. ඉන්දියාවට අමතරව සිංගප්පුරුව, ජපානය හා චිනය ද ලංකාව තුළ ආයෝජනය කරනා බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාව හැම රටක් සමඟම සහයෝගයෙන් කටයුතු කිරිමේ ප්‍රතිපත්තියේ සිටින නිසා මෙම රටවල් හි සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා මෙරටට පැමිණෙන බවද ඒ මහතා පැවසීය.

t

o

p