Local News

අතුරුදන් මැලේසියානු යානය සොයා ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට පරීක්ෂණ කණ්ඩායම්වලට ඉඩ

අතුරුදන්ව ඇති මලයාසියානු ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ගුවන් යානා සඳහා ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට අවසර ලබා දී ඇතැයි රජය ප්‍රකාශ කරයි.

ශී‍්‍ර ලංකාවට පීඩනයක් යෙදවීමට මානව හිමිකම් අවියක් කර ගැනීම තම රජය දැඩි ලෙස හෙළා දකිනවා

– නියෝජ්‍ය චීන තානාපති රෙන් ෆාෂියෑන් මහතා අවධාරණය කරයි මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කොමිසම හමුවට මාර්තු මස අග ඉදිරිපත් කෙරෙන යෝජනාවේ දී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට චීන රජය සූදානම් බව ශී‍්‍ර ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති රෙන් ෆාෂියෑන් මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ සිටින සියලු ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර

අන්තර්ජාතික මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තවත් ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු හෙට (19) නිදහස් කරන බව නාවික හමුදාව පවසයි.

කච්චතිව් දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යයට පන්දහසකට අධික බැතිමතුන් එක් වේ

කච්චතිව් දූපතේ ඓතිහාසික දේවස්ථානයේ සාන්ත අන්තෝනි මුනිතුමන්ගේ දිව්‍යමංගල්‍යය වෙනුවෙන් අද (16) පෙරවරුවේ ආරම්භ වූ දිව්‍ය මෙහෙය සඳහා ඉන්දියානු හා ශ්‍රී ලාංකික බැතිමත්හු පන්දහසකට වැඩි පිරිසක් දූපතට එක් ව සිටියහ.

‘හර කණ්ඩායම’ ඉදිරිපත් කළ යෝජනාව ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මුරුසිය, මොන්ටිනීග්‍රෝව සහ මැසිඩෝනියාව යන ‘හර කණ්ඩායම’ විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බලහත්කාරයෙන් මැදිහත්වීමක් අපේක්ෂා කරන බවත් එය ශ‍්‍රී ලාංකිකයන්ගේ ස්වෛරීත්වය හා ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩත්වයට බිඳදමන අතරම රාජ්‍ය ක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට පටහැනි බවත් ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජිනීවා Read More

ජනහඬ පදනම ලන්ඩන් මන්ත්‍රීවරු දැනුවත් කරති

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ජනහඬ පදනමේ සාමාජික පිරිසක් පසුගියදා එම පළාතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විරේන්ද්‍ර ශර්මා සහ සීමා මල්හෝත්‍රා හමුවී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන හා සමාජීය තොරතුරු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් පවත්වනු ලැබූහ.

t

o

p