තෙවැනි වරටත් දිනුම රටටයි

November 24, 2014

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ තෙවැනි වර ජයග‍්‍රහණය සඳහා වන ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් එමගින් රට පුරා ගම්මාන 12,000ක් ආවරණය වන සේ දැවැන්ත මැතිවරණ සංවිධාන හා ප‍්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කිරීමටත් තම පක්‍ෂය කටයුතු යොදා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

පක්‍ෂ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ සහ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ යන මහත්වරු ‘ජානිපෙ ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවේ’ ප‍්‍රධානත්වය දරන අතර, නියෝජ්‍ය ඇමති වීරකුමාර දිසානායක, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක, ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර, මාධ්‍ය ප‍්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්සිරි හේරත්, නීතිඥ කපිල ගමගේ යන දේශපාලන මණ්ඩල සභිකවරු ඇතුළු 12 දෙනෙක් එහි සාමාජිකත්වය දරති.

මේ වන විට සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන සේ ජානිපෙ දිස්ත‍්‍රික් නායකවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටුද පිහිටුවා ඇති බවත් එමගින් ඡුන්දපොළ දක්වා මැතිවරණ සංවිධාන හා ප‍්‍රචාරක කටයුතු සිදු කිරීමේ යාන්ත‍්‍රණයක් සකසා ඇති බවත් මොහොමඞ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

එසේම ජානිපෙ ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුව තම ප‍්‍රචාරක කටයුතු අරඹමින් ‘තෙවැනි වරටත් දිනුම රටටයි’ යන තේමාව යටතේ රටපුරා පෝස්ටරයක් ඇලවීමටද කටයුතු යොදා තිබිණි.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

ffkfkf

Sammy

Previous story Next story

Leave a comment

t

o

p