Local News

ලංකාවේ 50,000ක් දවසකට කුඩු බොති

ශ‍්‍රී ලංකාවේ දෛනිකව හෙරොයින් භාවිතා කරන පිරිස 45,000 – 50,000ක් පමණ වන බවට සමීක්ෂණයකින් හෙළි කරගෙන ඇත. මේ වනවිට ලබාගෙන තිබෙන දත්තයන්ට අනුව මේ අගය වාර්තා වන අතර 1995 වසරේ සිට මෙවැනි පිරිස් පුනරුත්ථාපනය කරන බවද මත්ද්‍රව්‍ය ගැටලූ‍ව ශ‍්‍රී ලංකාවට විශාල ප‍්‍රශ්නයක් වී තිබෙන බවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා Read More

ලෝක කාන්තා දිනය අද

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. සුවිශේෂ සමාජ පරිවර්ථනයක් ඇති වන නූතන යුගයේ කාන්තා අයිතිවාසිකම් සපුරාලීමට ප්‍රමුඛ ස්ථානයක් ලැබී ඇති බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.   ලොව පුරා කාන්තාවට හිමි නිසි තැන උදාකරදීම සඳහා සමාජ , ආර්ථික, දේශපාලන මෙන්ම සංකල්පමය වෙනස්කම් සිදුවෙමින් පවතින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. Read More

රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 11දා

2015 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 11දා ප.ව. 6.30ට සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ‍දී පැවැත්වේ. 2015 රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍ය ප්‍රදර්ශනය පසුගියදා මරදාන ටවර් රඟහලේ දී පැවැත්වුණ අතර දිගු නාට්‍ය 07ක් , කෙටි සිංහල හා දෙමළ නාට්‍ය 17ක් වේදිකාගත විය. මෙම නාට්‍ය අතුරෙන් හොඳම නළුවා, නිළිය, හොඳම නාට්‍ය, Read More

ක්‍රිස් නෝනිස් ජනාධිපති උපදේශක

බි‍්‍රතාන්‍ය හිටපු මහා කොමසාරිස් ක‍්‍රිස් නෝනිස් මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන් පත් කෙරේ. ඒ මහතා අද (06* පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ක‍්‍රිස් නෝනිස් මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිධරයෙකි. ඒ මහතා සිය පශ්චාත් උපාධිය කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර වෛද්‍යවරයෙකු ලෙස වසර Read More

ශ්‍රී ලංකාව ගැන තීරණ ගත යුත්තේ ශ්‍රී ලංකාවේ ජනතාව පමණයි

ශ්‍රී ලංකාවේ කටයුතු ගැන තීරණයක්‌ ගැනීමට හැකි වන්නේ ශ්‍රී ලාංකික ජනතාවට පමණක්‌ යෑයි දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා ඇමැතිනි කොආනා මාෂාබාගේ ඊයේ (06 දා) මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත.ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවට මැදිහත්වීමට හිමිකමක්‌ නැහැ. ජාත්‍යන්තරය කළ යුත්තේ ශ්‍රී ලංකාවට සහයවීම පමණක්‌ යෑයි ද ඇය කියා සිටියාය.ඇගේ මෙම ප්‍රකාශයට නැමීබියානු රජය ද සහය දක්‌වා තිබේ. Read More

ජාතික ආණ්ඩුව වෙනුවෙන් හරීන් තනතුරු අතහරින්න සූදානම්

නියම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇත්තේ තමන් ළඟ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට පැමණි අවස්ථාවේදීය. ඔහු සඳහන් කලේ මගුල් ගෙදරක යන ගමන් එහි ආ බවයි. මහනුවර රැළියට යන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූවිට ඔහු පිළිතුරක් නොදී කියා සිටියේ එම රැළියට ආරාධනා ලැබී ඇති බවත් අද Read More

ඇමරිකාවේ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් තොගයක් සොරාගැනේ

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සිට මැසචුසෙට්ස් දක්වා ට‍්‍රක් රථයක් තුළ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් පවුම් තොගයක් සන්නද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් සොරාගෙන ඇතැයි වාර්තා වේ. මියාමි නගරයේ සිට මෙම රන් තොගය ගෙනයමින් තිබූ ඇට්ල්බොරෝ නගරය එහි රන් භාණ්ඩ නිෂ්පාදකයින් හේතුවෙන් ආභරණ නගරය ලෙසද හැඳින්වේ. ට‍්‍රක් රථය උතුරු කැරොලිනාවේ 95වන අන්තර්ප‍්‍රාන්ත අධිවේගී මාර්ගයේ පිටිසරබද ප‍්‍රදේශයකදී යාන්ත‍්‍රික දෝෂයකට මුහුණදීම Read More

යහපාලන Free Wi-Fiකලාප 1000ක්.. එක් අයෙකුට මසකට 100mb නොමිලේ..

රට පුරා පිහිටි විශ්ව විද්‍යාල, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පල, ප්‍රසිද්ධ උද්‍යාන, මහජන පුස්තකාල, සියලුම ශීක්ෂණ හා දිස්ත්‍රික් රෝහල්, නීති විද්‍යාලය, අධිකරණ සංකීර්ණ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආවරණය වන පරිදි නොමිලේ අන්තර්ජාල වයි-ෆයි කලාප 1000ක් ඇති කිරීමට රජය තීරණය කරයි. මෙහිදී එක් අයෙකු වෙනුවෙන් මසකට මෙගා බයිට් 100ක දත්ත ප‍්‍රමාණයක් ලබා ගත හැති අතර Read More

පොලිසියේ උසස්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ කරනවා

පොලිසියේ සෑම ශ්‍රේණියකට ම අදාළ උසස්වීම් ලබාදීම සඳහා චක්‍රලේඛ අනුව සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙන බව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.

t

o

p