රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 11දා

March 8, 2015

2015 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 11දා ප.ව. 6.30ට සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ‍දී පැවැත්වේ.

2015 රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍ය ප්‍රදර්ශනය පසුගියදා මරදාන ටවර් රඟහලේ දී පැවැත්වුණ අතර දිගු නාට්‍ය 07ක් , කෙටි සිංහල හා දෙමළ නාට්‍ය 17ක් වේදිකාගත විය.

මෙම නාට්‍ය අතුරෙන් හොඳම නළුවා, නිළිය, හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම වේදිකා පරිපාලනය හොඳම සංගීතය , හොඳම ආලෝකකරණය, හොඳම රංගවස්ත්‍ර නිර්මාණය, හොඳම පසුතල නිර්මාණය ආදී අංශ සඳහා සම්මාන, මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය පියවර ගෙන ඇත.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවයට උපහාර වශයෙන් ප්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති මහතා හා ප්‍රවීණ නාට්‍යවේදී ඒ. ජෙයගෞරී මහත්මිය “නාට්‍ය කීර්ති” සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

– news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p