Local News

දේශපාලනයෙන් සමු ගන්නේ නෑ

මැතිවරණයට නාම යෝජනා නොලැබුණ නමුත් දේශපාලනය හෝ පක්ෂය අත්නොහරින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පවසා ඇත. තමන් තවමත් තරුණයෙකු නිසා ජනතාවට සේවය කිරීමට හැකි බවත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් පළමු වැන්නා තමන් වේ යැයි බියෙන් ඇතැම් පිරිසක් කුමන්ත්‍රණකාරීව තමන්ට නාමයෝජනා ලැබීමට ඇති අවස්ථාව නැති කළ බවත් ඔහු සඳහන් කර තිබේ.

පොලිසිය හා මැතිවරණ දෙපාර්තමේන්තුව අගය කළ යුතුයි! – CaFFE

මැතිවරණ නීති රීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව ක්ෂණිකව ක්‍රියාත්මක වීම ප්‍රශංසනීය බව CaFFEසංවිධානය හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය කියයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන කළේ පසුගිය නාම යෝජනා දිනයේ සහ ඉන් පසුව පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව අකුරට මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි. පොලොන්නරුව සුංගාවිල Read More

මහින්ද සිදුකල කතාව මෙන්න

පසුගිය ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ දිනයේ පළමු වතාවට දේශපාලන වේදිකාවක් ඇමතුවේය. හිටපු ජනාධිපතිවරයාට ඇති ජීවිත අවධානමට සරිලන අන්දමේ ආරක්‍ෂාවක් සපයා නොතිබූ එම රැළියේදී සිය ජීවිත අවධානමද නොතකා පැයක පමණ කාලයක් ඔහු සිය කතාව පවත්වද්දී රැස්ව සිටි අති වශාල ජනතාව ඉතා හැඟීම්බර විය. මැදිවිය ඉක්වමූ කාන්තාවන්, හැඩි දැඩි Read More

මැක්ඩොනල්ඞ්ස් අනාගතය අඳුරු බව තවත් සමීක්‍ෂණයකින් හෙළිවේ

මැක්ඩොනල්ඞ්ස් ක්‍ෂණික ආහාර අලෙවිය ඉදිරි මාස 6 තුළද වර්ධනයක් අත්කර නොගනු ඇතැයි නවතම සමීක්‍ෂණ වාර්තාවක් මගින් දක්වා තිබේ. මේ සඳහා ඇමරිකාව තුළ ක‍්‍රියාත්මක මැක්ඩොනල්ඞ්ස් නියෝජිත අවන්හල් 208ක හිමිකරුවන් 29 දෙනෙකු සහභාගී කරගෙන ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ ව්‍යාපාර කටයුතු කෙසේ වේදැයි 1-5 දක්වා වන පිළිතුරු ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අංක 5 මගින් Read More

මට නාමයෝජනා නොලැබුණේ තණ්හා, රති, රඟා නිසයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම‍යෝජනා සකස් වුණේ සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය පරිදි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි. හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද දෙරණ “මොකද වුණේ” වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡාවකට අද පස්වරුවේ එක්වෙමිනි. හිටපු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා මෙම වැඩසටහන සඳහා සම්බන්ධ කර ගැනීමට අද පෙරවරුවේ ඔහු ඇමතු අවස්ථාවේදී තමන් Read More

මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා

ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ තවත් වැදගත් දෙයක් තිබෙනවා. මහින්දට කනේ පහරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇනලා තිබෙනවා. කියමනක් තිබෙනවා, පන්සල් ටොක්කක් ඇන්නාම උගුරට ලේ රහ දැනෙනවා කියලා. ජනාධිපතිරවයා මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා. මේ මැතිවරණයේදී එජාපය පෝස්ටරයක් ගහලා තිබුණා, මුල පිරුවා විතරයි කියලා. මුල පිරුවේ මහ බැංකු මුදල් වංචාවෙන්, කරුංකා ගනුදෙනුවෙන්, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කිරීමෙන් නම් Read More

සරසවි ඇදුරන් එක් වෙති

රටේ පැන නැගී ඇති අස්ථාවර දේශපාලන වාතාවරණය හමුවේ දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්යවරු එක්ව “ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය “ පිහිටුවාගෙන ඇත. පසුගිය සමයේ “විශ්ව විද්‍යාල ආචාර්ය “ නම ගණිකා වෘත්තියේ යෙදවූ බවත් මින් මතු ඒ සදහා ඉඩ නොතබන බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා Read More

බි‍්‍රතාන්‍ය ලිංගික වෙබ් අඩවි වාරණය යුරෝපා නීතියෙන් ඉහිල් වන ලකුණු

2013දී බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ මැදිහත්වීම මත කාමුක වෙබ් අඩවි සඳහා පණවනු ලැබූ වාරණය යුරෝපා සංගමය විසින් බලාත්මක කිරීමට නියමිත නව නීතියක් මගින් ඉහිල් වන ලකුණු පහළ වී ඇතැයි වාර්තා වේ. ජුනි 30වනදා සම්මත කරන ලද ඒකීය සන්නිවේදන වෙළඳපොළ පණත මගින් සමස්ත යුරෝපය පුරා එක් අන්තර්ජාල වෙළඳපොළක් ගොඩනැගීමට තීරණය කර තිබේ. එළඹෙන ශරත් සෘතුවේදි යුරෝපීය Read More

මෙවර කාන්තාවන් මැතිවරණයේදී කුමක් කළ යුතුද?

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වගේම වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රබලයින් , සියලූ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරියන් ඇමතිවරියන් තමන්ගේ දේශපාලන උවමණාව වෙනුවෙන් මේ රටේ දුක්විඳින කාන්තාවන්ව පාවිච්චි කරමින් ඉන්න බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හේමමාලී අබේරත්නන පවසයි. ඈය මේ බව පවසා සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගිය 11 වෑනිදා මහරගම දී පෑවති එම පක්ශයේ පළමු මෑතිවරණ රෑලිය අමතමිනි. වෑඩි Read More

ප්‍රවීණ ගායන ශිල්පී විල්බට් ඇන්තනී මහතා අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීණ ගායක ශිල්පියෙකු වන විල්බට් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්තවී ඇති බව පවුලේ ඥාතීන් පවසයි. මිය යන විට ඒ මහතා  72 වියෙහි පසුවිය.

t

o

p