බි‍්‍රතාන්‍ය ලිංගික වෙබ් අඩවි වාරණය යුරෝපා නීතියෙන් ඉහිල් වන ලකුණු

July 16, 2015

2013දී බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ මැදිහත්වීම මත කාමුක වෙබ් අඩවි සඳහා පණවනු ලැබූ වාරණය යුරෝපා සංගමය විසින් බලාත්මක කිරීමට නියමිත නව නීතියක් මගින් ඉහිල් වන ලකුණු පහළ වී ඇතැයි වාර්තා වේ.

ජුනි 30වනදා සම්මත කරන ලද ඒකීය සන්නිවේදන වෙළඳපොළ පණත මගින් සමස්ත යුරෝපය පුරා එක් අන්තර්ජාල වෙළඳපොළක් ගොඩනැගීමට තීරණය කර තිබේ.

එළඹෙන ශරත් සෘතුවේදි යුරෝපීය පාර්ලිමේන්තුව තුළ ඡුන්ද විමසීමට ලක්කරනු ඇති එම පණත මගින් 2017 ජුනි මස සිට යුරෝපා සංගමය තුළ රෝමිං ගාස්තු අහෝසි කිරීමට නියමිතය.

මේ අතර යුරෝපා නීති ප‍්‍රකාරව අන්තර්ජාලය පිළිබඳ මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියක් ආරක්‍ෂා කෙරෙනු ඇති අතර ඒ අනුව කිසිදු වෙබ් අඩවියක් වාරණය කිරීම යුරෝපා සංගමය තුළ තහනම් කෙරෙනු ඇත.

තමන් ජීවත්වන රට කවරක් වුවත් එකම අන්තර්ජාල අන්තර්ගතයක් සෑම යුරෝපියයකුටම හිමිකර දීමට යෝජනා කර ඇති මෙමගින් කාමෝද්දීපන ද්‍රව්‍ය හෝ ප‍්‍රචණ්ඩත්වය අඩංගු වෙබ් අඩවි තහනම් කර ඇති බි‍්‍රතාන්‍යය අර්බුදයට පත්වනු ඇතැයි පැවසේ.

අන්තර්ජාල ආරක්‍ෂාව පිළිබඳ බි‍්‍රතාන්‍ය රජයේ උපදේශක ජෝන් කාර් පවසා ඇත්තේ මෙම නෛතික වෙනස්කම අතිශය හානිකර වනු ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p