සරසවි ඇදුරන් එක් වෙති

July 16, 2015

රටේ පැන නැගී ඇති අස්ථාවර දේශපාලන වාතාවරණය හමුවේ දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්යවරු එක්ව “ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය “ පිහිටුවාගෙන ඇත. පසුගිය සමයේ “විශ්ව විද්‍යාල ආචාර්ය “ නම ගණිකා වෘත්තියේ යෙදවූ බවත් මින් මතු ඒ සදහා ඉඩ නොතබන බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

රටේ සැබෑ ජනතා මතය බහුතර විද්වතුන්ගේද මතය බව රට හමුවේ තැබීම සිය අභිප්‍රාය බවත් අද සිදුව ඇත්තේ විජාතික මතධාරී නන්නත්තාර වූ කිහිප දෙනෙක් විශ්ව විද්‍යාල ආචාර්යවරු ලෙස පෙනී සිටිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය සිය සහෝදර ආචාර්යවරුනට යැවූ ආරාධනයේ මෙසේ දැක්වේ.

පසුගිය කාල සීමාව තුළ එක්තරා විජාතික මතධාරී කිහිපදෙනකුගේ (විජාතික ආචාර්ය රෙජීමය) ක්‍රියාකාරීත්වය හේතුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිබඳව සමාජයේ දුර්මතයක් ස්ථාපිත විය. මේ කිහිපදෙනා සිය ජීවිත කාලය තුලම විජාතික මත දැරුවෝ වෙති. ඔවුහු ඉතා උපක්‍රමශීලී ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) බලය ඩැහැගත් අතර සිය විජාතික මතවාද සහ දේශපාලනය FUTA මතය ලෙස රට හමුවේ තැබීමට සමත් වූහ. මෙමගින් සිදු වුයේ අනර්ථයක්ම ය. විශ්ව විද්‍යාල ආචාර්යවරු කෙරෙහි මෙරට සාමාන්‍ය ජනයා පිළිකුලෙන් බලන තත්වයකට පත්වීමට මේ කිහිප දෙනාගේ ක්‍රියාකාරීත්වය හේතු විය. විජාතික අවශ්‍යතා මත මෙරට දේශපාලනයට මැදිහත් වූ මේ පිරිසේ ක්‍රියාකාරීත්වය උජ්ජ අවස්ථාවට පත් වුයේ පසුගිය ජනාධිපතිවරණ සමයේය. “විශ්ව විද්‍යාල ආචාර්යවරු” යන නම ගණිකා වෘත්තියේ යෙදවූ මෙම කණ්ඩායම යහපාලන නඩය සමග යහන් ගත වුහ.

ප්‍රතිවාදී මතධාරී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සමාජ දේශපාලන මත දැරීමේ අයිතිය අභියෝගයට ලක් අරණ අතරේ 6 % වැනි සටන් පාඨවලට මුවා වෙමින් තම දේශපාලන ව්‍යපෘති නිර්ලජ්ජී ලෙස මේ පිරිස ඉදිරියට ගෙන යයි. විශ්ව විද්‍යාල ආචාර්යවරු ලෙස අප නිහඬව සිටියහොත් සිදු වන්නේ ඉදිරි කාලසීමාව තුල ද මේ විජාතික මතධාරී රස්තියාදුකාර ඇදුරන් කිහිප දෙනා යහපාලනයේ නාමයෙන් තව දුරටත් “විශ්වවිද්‍යාල ආචාර්යවරු” නාමය අලෙවි කිරීමයි; නොරටින් පැමිණෙන දේශපාලන ව්‍යපෘතිවල ලංකාවේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් සිය මඩිය තද කරගන්නා අතරේ ජනතාව ගොනාට ඇන්දවීමයි.

අප මේ කරුණු තේරුම් ගෙන මෙකී සුළුතර රෙජීමයේ නොමනා ක්‍රියාව රටට හෙළිදරවු කල යුතුය. රටට දැයට හිතැති ජාතික මතධාරී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නිහඬ බහුතරය බව රට හමුවේ තැබිය යුතුය. ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය (NUTA) බිහි වන්නේ මෙවන් පසුබිමක ය. මෙය වෘත්තීය සමිතියක් නොවේ. රටේ ජාතික වැදගතමකින් යුතු කාරණාවල දී දේශප්‍රේමී සැබෑ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ මතය රටට පැවසීමට, ඒ අනුව ක්‍රියා කිරීමට පිහිටුවාගත් සංවිධානයකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p