Local News

ජිනීවා යෝජනාව අනාගතයට බරපතළ ලෙස බලපානවා

ජා.නි.පෙ. සහ  ජ.වි.පෙ  යන පක්ෂවල නොයෙකුත් ක්‍රියාමාර්ග වල වෙනස්කම් පැවතියද බේදුම්වාදයට එරෙහිව අවංක එකඟතාවයකට පැමිණෙනවානම්  කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඒම පක්ෂ සමඟ   අදාළ කාරණය සම්බන්ධයෙන් පොදුවේ කොන්දේසී විරහිතව සටන් කළ හැකි බවත්   ජාතික සේවක පක්ෂයේ  නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඒසේම එක්සත් ජාතීන්ගේ මානව  හිමිකම් කවුසිලයේ යෝජනවා  මෙරටට බරපතළ ලෙස බලපාන යෝජනාවක් බවද   ඒ මහතා Read More

අගමැති යළි දිවයිනට

පස්දින ජපාන නිල සංචාරය නිමකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද අළුයම 1.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූ බව අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේය. ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව පසුගිය 03 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමංසිංහ මහතා ජපාන නිල සංචාරය ආරම්භ කළේය. මෙම සංචාරය තුළදී Read More

ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට. Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී

රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින් Read More

උපාධිධාරීහු රැකියා ඉල්ලා පාරට බසිති

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය‘ අද කොළඹ කොටුවෙන් විරෝධතා පෙළපාළියක් ආරම්භ කළේය. කොටුවේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දක්වා ඔවුහු පාගමනින් යති. රජයේ රැකියා බලාපොරොත්තුවෙන් ඔවුහු තම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ‘උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබාදෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු‘ යන්න ඔවුන්ගේ සටන් පාඨ අතර වෙයි.

පහේ හපන්නු තිදෙනෙක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය දෙකක් දිනා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක සිසුහු දෙදෙනෙක් සමත් වූහ. අරණායක උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිටු විදුහලේ ලක්ෂාණි මෙලනි විජේසිංහ සිසුවිය සහ කොටියාකුඹුර මාකුඹුර කනිටු විදුහලේ කවිෂ්ක වනිගසේකර යන සිසුන් දෙදෙනා ලබාගත් ලකුණු සංඛ්‍යාව 196 කි. අනෙක් ප්‍රථම ස්ථානය ලකුණු 196 ලබාගත් ගම්පොළ, ගඟසිරිපුර කනිටු විදුහලේ සචිනි කාවින්ද්‍යා සිසුවිය ලබාගෙන Read More

ගණිකාවන් වෙනුවෙන් ජාතික මධ්‍යස්ථානයක් බිහි කෙරේ

ලිංගික ශ්‍රමයෙන් යැපෙන ශ්‍රී ලාංකික කාන්තාවෝ තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සංවිධාන ගත වී සිටිති. ශ්‍රී ලංකාවේ මෙවැනි සංවිධානයක් නිල වශයෙන් ස්ථාපිත කර ඇත්තේ ප්‍රථම වතාවටයි. සිවිල් ක්‍රියාධරයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති මෙම සංවිධානය හැඳින්වෙන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානය නමින්. එහි ජාතික සංවිධායක නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ දැනට සාමාජිකාවන් දෙසීයක් Read More

රුසියානු ප‍්‍රහාර මැද විදෙස් සටන්කාමීන් 600ක් සිරියාව හැරයයි

සිරියාවේ ISIS ඉලක්ක වලට එල්ල කළ ප‍්‍රහාර හේතුවෙන් විදේශික සටන්කාමීන් 600කට වැඩි පිරිසක් සිරියාවෙන් ඉවත්ව යුරෝපය කරා යාමට උක්සහ දරමින් සිටින බව වාර්තා වේ. රුසියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියකු වන කර්නල් ජෙනරාල් ඇන්ඩෙ‍්‍රයි කර්තපොලොව් පවසා ඇත්තේ එල්ල වන ගුවන් ප‍්‍රහාරවලින් කලබලයට පත්ව ඇති සටන්කාමීන් තම පාලන ප‍්‍රදේශ අතහැර දමා යාමට පටන්ගෙන ඇති බවයි. තෙදිනක් පුරා Read More

සේයා ඝාතනයේ පරීක්‍ෂණ අර්බුදයක

කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළ අපරාධකාරයා මේ වනතුරුත් නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකිවීම නිසා මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග පවසයි. සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොණ්‌ඩයා නමැති සැකකරුගේ සොහොයුරාගෙන් ද පැය හැත්තෑදෙකක කාලයක්‌ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් පෙරේදා (03 වැනිදා) අවසර ලබාගත්තේය. මෙම සාහසික ඝාතනය කොණ්‌ඩයා Read More

ඒලියන්ත වයිට් FCID එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා යයි කියනු ලබන ඒලියන්ත වයිට් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. මිරිහාන නිවසේ අයිතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර හෙතෙම ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ජනපති ගැන විශ්වාසයක් තියෙනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටට සෞභාග්‍ය  හා සාමය ගෙන එන බවට තමාට බලාපොරොතුවක් හා විශ්වාසයක්  ඇති බව උතුරු පළාත්  මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද කිලිනොච්චි,  ඉරණමඩු ප්‍ර දේශයේ පැවති උත්සවයකට සහභාගී  වෙමින්ය. එසේම  මහජනතාව ගස් වගේ සිටිය යුතු බවත්, සුළු ජාතීන් එහි අතු සේ සිටිය යුතු Read More

t

o

p