අගමැති යළි දිවයිනට

October 8, 2015

පස්දින ජපාන නිල සංචාරය නිමකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද අළුයම 1.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූ බව අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව පසුගිය 03 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමංසිංහ මහතා ජපාන නිල සංචාරය ආරම්භ කළේය.

මෙම සංචාරය තුළදී දෙරට අතර ද්වී පාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.

ජපාන සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට පාර්ලිමේන්තුව ඇමතූ අතර විද්‍යා හා තාක්ෂණ සංසද සමුළුවද ආමන්ත්‍රණය කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p