ජනපති ගැන විශ්වාසයක් තියෙනවා

October 5, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටට සෞභාග්‍ය  හා සාමය ගෙන එන බවට තමාට බලාපොරොතුවක් හා විශ්වාසයක්  ඇති බව උතුරු පළාත්  මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද කිලිනොච්චි,  ඉරණමඩු ප්‍ර දේශයේ පැවති උත්සවයකට සහභාගී  වෙමින්ය.

එසේම  මහජනතාව ගස් වගේ සිටිය යුතු බවත්, සුළු ජාතීන් එහි අතු සේ සිටිය යුතු බවත් ඇතැම් පුද්ගලයින් විසින් සිතන බවද ඒ මහතා එහිදී කීවේය.

නමුත් එම පදනම උතුරු නැගෙනහිර සිටින සුළුතර ජනතාව විසින් නො‍සිතු බවද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

එසේම උතුරු නැගෙනහිර ජනතාව මහජාතීන් සේ එම ප්‍රදේශ වල සිටින බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p