රුසියානු ප‍්‍රහාර මැද විදෙස් සටන්කාමීන් 600ක් සිරියාව හැරයයි

October 5, 2015

සිරියාවේ ISIS ඉලක්ක වලට එල්ල කළ ප‍්‍රහාර හේතුවෙන් විදේශික සටන්කාමීන් 600කට වැඩි පිරිසක් සිරියාවෙන් ඉවත්ව යුරෝපය කරා යාමට උක්සහ දරමින් සිටින බව වාර්තා වේ.

රුසියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියකු වන කර්නල් ජෙනරාල් ඇන්ඩෙ‍්‍රයි කර්තපොලොව් පවසා ඇත්තේ එල්ල වන ගුවන් ප‍්‍රහාරවලින් කලබලයට පත්ව ඇති සටන්කාමීන් තම පාලන ප‍්‍රදේශ අතහැර දමා යාමට පටන්ගෙන ඇති බවයි.

තෙදිනක් පුරා එල්ල කළ ගුවන් ප‍්‍රහාර හේතුවෙන් ISIS ත‍්‍රස්තවාදීන්ගේ භෞතික හා තාක්‍ෂණික සම්පත් මෙන්ම ඔවුන්ගේ සංග‍්‍රාම ශක්තියද බෙහෙවින් හීනවී ඇතැයි රුසියානු හමුදා මණ්ඩලය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

රුසියානු ප‍්‍රහාරක යානා සිදුකළ ප‍්‍රහාරක පියාසැරි 60කින් පමණ ISIS ඉලක්ක 50කට අධික ප‍්‍රමාණයකට පහරදුන් බව පැවසේ.

සුකොයි වර්ගයේ SU-34 ප‍්‍රහාරක යානයක් එල්ල කළ බංකර් බස්ටර් බෝම්බයකින් රක්කා ආසන්නයේ ත‍්‍රස්ත විධාන මධ්‍යස්ථානයක් මෙන්ම භූ අභ්‍යන්තරයේ ඉදිකර තිබූ අවි ගබඩාවක්ද මුලූමනින්ම විනාශ වී ඇති අතර ජිසර් අල් ෂුගුර්හි උණ්ඩ ගබඩාවක් හා මාරෙට් අල් නුමාන්හි පුහුණු කඳවුරක්ද විනාශ කර ඇති ISIS මධ්‍යස්ථාන අතර වේ.

දමස්කස් රජයේ ආරාධනයක් මත රුසියාව සැප්තැම්බර් 30වනදා සිය සිරියානු මෙහෙයුම ආරම්භ කරන ලදී.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p