Local News

පාර්ලිමේන්තුව අවට පාර වැහෙයි

67 වැනි ජාතික නිදහස් සමරුව වෙනුවෙන් පුහුණුවීම් සඳහා  (27) සිට පෙබරවාරි 4 වැනි දා දක්වා උදෑසන 8 සිට දහවල් 12 දක්වා පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක් වසා තැබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි. එ් අනුව අදාළ කාලය තුළ දී පාර්ලිමේන්තු පාර, වටරවුම් පාර, කොබ්බෑඩුව මාවත මෙලෙස වසා තැබෙන අතර විකල්ප මාර්ග ලෙස තලංගම හරහා Read More

විධායක ක්‍රමය දිගටම – අතුරලියේ රතන හිමි

නව ආණ්ඩුව විවිධ තනතුරු සඳහා සිදුකර ඇති විවිධ පත්වීම් ගැන ඔබ වහන්සේට තෘප්තිමත් විය හැකිද? උදාහරණයක් ලෙස ජනාධිපතිතුමාගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ලෙස පත් කොට තිබෙනවා. තවත් පවුල් පාලනයක් ඇති වේ දැයි මහජනතාව තුළ සැකයක් මතුවී තිබෙනවා? කොටින්ම මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ජනාධිපතිවරයාට බොහෝ සහෝදර සහෝදරියන් සිටිනවා. රාජ්‍ය Read More

චෙන්ග්ඩු-කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවා

චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය. ජාත්‍යන්තර ගමන් මාර්ග 78ක් ඇතුළුව ප්‍රධාන නගර 187ක් සම්බන්ධ කරමින් ගුවන් සේවා ක්‍රියාත්මකවන නිරිත දිග චීනයේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථානයක් වන චෙන්ග්ඩු සිට මෙම ගුවන් ගමන් බලපවත්වනු ඇත. A330 ගුවන් Read More

මහින්දානන්දට රටින් පිටවීම තහනම්!

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශ ගතවීම වළක්වන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. අලුත්ගමගේ මහතා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශන හේතුවෙන් මෙම තීරණ ගෙන ඇතැයි සඳහන්ය. ඒ අනූව ඔහුගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවනු ඇත.

වකුගඩු රෝගීන්ට රු. 3000ක් දීම අද පොළොන්නරුවෙන් ආරම්භ කෙරේ

වකුගඩු රෝගීන්ට මාසිකව රුපියල් 3000ක ආධාර මුදලක් ලබා දෙන බවට රජය දුන් පොරොන්දු අනුව එම වැඩපිළිවෙල සක්‍රීයව ක්‍රියාවට නංවමින් එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්ට එම ආධාර මුදල් ප්‍රදානය කිරීම සංකේතාත්මකව මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.   සමාජ සේවා සහ Read More

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, රජයේ මාධ්‍ය මෙවලමක් බවට පත්කරන්නේ නැහැ

ඉදිරියේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN),  පවතින රජයේ මාධ්‍ය මෙවලමක් බවට පත් නොකොට, ස්වාධීන මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමට, සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ පාලනාධිකාරිය සමඟ එක්ව කටයුතු කරන බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (26) උදෑසන යෙදී තිබූ සුබ මොහොතින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සිය Read More

ඈත්ත ජයග්‍රහණය වෙනුවෙන් අපි කළ යුත්තේ මොනවාද ?

              අද 26 දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පෙරටුගාමී සමාජවාදී පක්ශය විසින් ” ඈත්ත ජයග්‍රහණය වෙනුවෙන් අපි කළ යුත්තේ මොනවාද ?” අත්පත්ත්‍රිකා බෙදීම සිදු කරන ලදී.                                             Read More

ජනතාවට සහන දෙන්න එන අතුරු අයවැය මෙන්න

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධි පතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනතාවට බොහෝ සහන ලබා දෙන බව ප්‍රකාශ කළේය. වංචා හා දූෂණයට එරෙහිව දැඩි පියවර ගෙන යහපාලනයක්‌ ඇතිකරන බවටද පොරොන්දු විය. මේ සඳහා වන දින 100 ක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බවටද ප්‍රකාශයට පත් කළේය. දැන් එම දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, ඒ දෙස බොහෝ දෙනෙක්‌ අපේක්‌ෂා සහගතව Read More

මාගේ පුතා මාලක සිල්වාට පහර දුන්නේ යෝෂිත රාජපක්‍ෂයි…

පසුගිය වසරේ කොළඹ ඔඩෙල් රථ ගාලේදීත්, රාත්‍රී සමාජ ශාලාවකදීත් සිදු වූ පහර දීම් පසුපස ඉන්නේ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්‍ෂ යයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. යෝෂිත රාජපක්‍ෂගේ ආරක්ෂකයකුට තම පුතු විසින් කළ අවවාදයක් නිසා මෙම පහර දීම සිදු වී ඇති බවද ඔහු සඳහන් කරන්නේ සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් දෙමිනි.

ඊශ‍්‍රායලය සියළු සීමාවන් ඉක්මවා යනවා – ස්වීඩනය

ඊශ‍්‍රායලය තබා ගත යුතු සියලූ සීමාවන් ඉක්මවා යන බව ස්වීඩනයේ විදේශ ඇමතිනි මාර්ගොට් වෝල්ස්ට්‍රෝම් පවසා ඇතැයි වාර්තා වේ. පලස්තීනය ස්වෛරී රාජ්‍යයක් ලෙස ස්වීඩනය විසින් පිළිගැනීම පිළිබඳව ඊශ‍්‍රායලය වෙතින් එල්ලවූ ප‍්‍රතිචාර ගැන ඇය මේ අදහස් දක්වා තිබේ. ස්වීඩන පුවත්පතක් අමතමින් වෝල්ස්ට්‍රෝම් පවසා ඇත්තේ මේ කරුණ පිළිබඳව ඊශ‍්‍රායලයේ විරෝධය බලාපොරොත්තු වුවත් ඇතැම් ප‍්‍රතිචාරයන් කිසිසේත් අනුමත කළ හැකි Read More

t

o

p