අල්ලස් කොමිසමට පොලිස් නිලධාරීන් 50ක්

October 28, 2015

අලුතින් පොලිස් නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද අවසර ලබාදී තිබේ.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන ඒකකයට මෙම නිලධාරීන් බඳවා ගැනීමට නියමිත බවයි.

අදාළ නිලධාරීන් 50 දෙනාට සති හතරක කාලයක පුහුණුවක්  ලබා දී ඇති බවත්, එම නිලධාරීන් මීට පෙර සිටි කොමසාරිස්වරයා යටතේ බඳවා ගැනීමට නියමිතව තිබූ බවත් ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් එම නිලධාරීන් බඳවා ගැනීම එවකට සිටි කොමසාරිස්වරයාගේ අනුමැතිය නොලැබී ඇති බවත්, නව කොමසාරිස්වරයාගේ අනුමැතිය එම නිලධාරීන් හට ලැබී ඇති බවත් ඩිල්රුක්ෂි ඩයස් මහත්මිය සඳහන් කර සිටියාය.

මේ වනක විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි 3190 ක් ලැබී ඇති බවත්,    අල්ලස් කොමිසමේ හිටපු සභාපතිට එරෙහිවද පැමිණිල්ලක් ඇති බවත්, ඇය අවධාරණය කළාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p