කරුණා ශ්‍රීලනිපය හැර යයි

October 27, 2015

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කළ බව විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සතියේදී පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදෙන බවයි.

නොවැම්බර් මස 14 වනදා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තම තීරණයට හේතුව ඉදිරිපත් කරන බව ද විනයාගමූර්ති මුරලිදරන් මහතා පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙසද ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස ද  පසුගිය රජය සමයේදී කටයුතු කළේය.

කරුණාඅම්මාන් ශ්‍රීලනිපයෙන් ඉවත් වී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ආනන්ද සංගරී මහතාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p