Local News

සාලාව කඳවුර පුපුර යාමෙන් ආපදාවට ලක්වූ අයට රජය නියම කළ සම්පූර්ණ වන්දි මුදල ලබාදෙන්න…

සාලාව කඳවුර පුපුර යාමෙන් හානි සිද්ධ වූ නිවාස හමුදාව පිළිසකර කළ පසු හානිය වෙනුවෙන් රජය නිවසට වෙන් කළ මුදල හමුදාව වැය කළ මුදලක් යැයි පවසා නිවෙස් හිමියට ලැබෙන වන්දිය අඩු කිරිම අසාධාරණ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය. මෙම ආපදාවට ලක්ව නිවාස අහිමිවූවන්ට රජය නියම කළ සම්පූර්ණ වන්දි මුදල Read More

මාමා බෑනා ප්‍රශ්නයක් සභාවට නැහැ. ඒක මෙතනට අවශ්‍ය නැහැ

සභාව තුළ ෙ මාමා බෑනාෙ සම්බන්ධතාවයක් නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතාගෙන් ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේ ඇතිවූ විවාදයකදී මතු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය. එම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ෙ Read More

අලි ජාවාරමට සම්බන්ධ අයට දඩුවම් දීමට කටයුතු කරනවා – ගාමිණි ජයවික්‍රම

අලි ජාවාරමට සම්බන්ධ වූ වනජීවි නිලධාරින් සොයා ඔවුන්ට දඩුවම් පැමිණවිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) ප්‍රකාශ කළේය. ඊට අමතරව අලි ජාවාරමට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව කටයුතු කරන ලෙස නිතීපතිවරයාට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවද දැනුවත් කර ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය. අලි Read More

ජානක වක්කුඹුර සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

රත්නපුර දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා තමන් එතෙක් දැරූ කලවාන ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ජානක වක්කුඹුර මහතා පසුගිය මහමැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පාස්පෝට් කාර්යාලය බත්තරමුල්ලට

කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය, 2016 අගෝස්තු 29 වනදා සිට බත්තරමුල්ලේ ‘සුහුරුපාය‘ ගොඩවැගිල්ලට ගෙන යන බව නිවේදනය කර සිටී. මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ අගෝ: 29 වන දින විදේශ ගමන් බලපත්‍ර සාමාන්‍ය සේවය, වීසා නිකුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය, පුරවැසිභාවයට අදාළ කටයුතු වැනි සේවාවන් සීමාසහිතව Read More

මහින්දගේ රහස් වහා හෙළිකරන්න

පසුගිය පාලන සමයේදී සිදුකළ වංචා, දූෂණ, මිනීමැරුම් පිළිබඳව දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ජනාධිපතිවරයා විසින්ම වළක්වමින් ඇති බව ඒ මහතා විසින් පසුගියදා මාතරදී සිදුකළ ප්‍රකාශයෙන් පැහැදිළි වන බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ.   2016. 08. 23 අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන Read More

සිද්ධාර්ථ ගෞතමත් ඉන්දියන්කාරයෙක්

ලෝකයේ ප්‍රබල රටවල වෙළෙඳපළට පිවිසීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) මොරටුව ප්‍රදේශයේ පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ වත්මන් රජයට සිදුව ඇත්තේ රාජපක්ෂ රෙජීමයෙන් වූ ණය ගෙවීමට බවත් චීනය, යුරෝපය සහ ඉන්දියාව යන රටවල වෙළඳපොල අත්පත් කරගනිමින් රට ඉදිරියට ගෙනයාමට පියවර Read More

ශ්‍රීලනිප මාතර දිස්ත්‍රික් නායකයා ලක්ෂ්මන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබීය.

පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු තෘප්තියක් අපට නෑ – අනුර දිසානායක

රටේ වංචා-දූෂණ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ පිළිබඳ කිසිදු තෘප්තියක් නොමැති බවත්, පහුගිය ආණ්ඩුවේ වංචා-දූෂණවලට සම්බන්ධ වුණු මේ ආණ්ඩුවේ ඇමතිකම් කරන අය සිටින බවත්, ඔවුන්ගේ ෆයිල් යට ගසා ඇති බව ජවිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) ජවිපෙ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒ වගේම දැනට සිදුවෙමින් තිබෙන ඇතැම් පරීක්‍ෂණවලට ඉහළින් බලපෑම් සිදුවෙමින් තිබෙනවා. එනිසා අපි Read More

හෝමාගම සංවිධායක ධුරය ගාමිණී තිලකසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම නව ආසන සංවිධායක ලෙස බස්නාහිර පළාත් ඇමැති ගාමිණී තිලකසිරි මහතා පත්කරනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේදී තිලකසිරි මහතාට පත්වීම් ලිපිය ලබාදුන්නේය.

t

o

p