පාස්පෝට් කාර්යාලය බත්තරමුල්ලට

August 24, 2016

කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය, 2016 අගෝස්තු 29 වනදා සිට බත්තරමුල්ලේ ‘සුහුරුපාය‘ ගොඩවැගිල්ලට ගෙන යන බව නිවේදනය කර සිටී.

මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ අගෝ: 29 වන දින විදේශ ගමන් බලපත්‍ර සාමාන්‍ය සේවය, වීසා නිකුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය, පුරවැසිභාවයට අදාළ කටයුතු වැනි සේවාවන් සීමාසහිතව සිදු කෙරෙන අතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බවයි.

තවද මෙලෙස නව ගොඩනැගිල්ලකට කාර්යාලයේ විතැන් වීම හේතුවෙන් එළඹෙන අගෝස්තු 26 වැනි සිකුරාදා දින කොළඹ 10 ප්‍රධාන කාර්යාලය, මහනුවර, මාතර හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාලවල මහජන සේවා ක්‍රියාත්මක නොවන බව ද දැනුම් දී තිබේ.

මීට පෙර 2006 වසරේ දී බම්බලපිටිය දුම්රියපොළ පාරේ සිට කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතට ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය විතැන් වෙන ලදී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p