Local News

නව පරපුරට ශ්‍රීපනිපයේ ප්‍රමුඛතාවය

ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නව පරපුරට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එමෙන්ම ජනතාවට විශ්වාසී මෙන්ම පොදු  ජන හදගැස්ම හඳුනන ජනතාවාදී පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගමින් ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණය කරවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් Read More

SSP මහේන් ගුණසේකර DIG කරයි

නුගේගොඩ කොට්ඨාශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධීකාරී මහේන් ගුණසේකර මහතා නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්කර ඇත. දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සහන සැළසීමේ ලේඛනයේ සිටින  පොලිස් නිළධාරීන් 129 දෙනා අතර මහේන් ගුණසේකර මහතාගේ නමද තිබේ. මෙම උසස්වීම ජාතික පොලිස් කොමිසම විසින් ලබාදී ඇත්තේ කැබිනට් අනුමැතිය පවා හිමිවී ඇති එම ලේඛනයට අනුවය. දේශපාලන පලිගැනීම් ලැයිස්තුවේ නම් සදහන්ව ඇති නිළදාරීන්ගෙන් පළමුව සහන Read More

මැලේසියාවේ සිද්ධිය උතුරේ ජනතාව සමඟ සම්බන්ධ කර ගත යුතු නැහැ

මැලේසියාවේ ඇති වූ සිද්ධිය උතුරේ ජනතාව සමඟ සම්බන්ධ කර ගත යුතු නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙම ප්‍රහාරය හෙළා දකින අතර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය නැති කිරිමට ගෙන යන මෙවැනි ව්‍යාපාරයන්ට එරෙහිව රජය කටයුතු කළ යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය. මැලෙසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට කල Read More

මහකොමසාරිස්වරයාට පහරදුන් අය අල්ලන්න

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට එල්ල වූ පහරදීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස මැලේසියාවට දැනුම් දිමට රජය කටයුතු කළ යුතුයැයිද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකිකයන් මීට සම්බන්ධ නම් ඔවුන්ව ලංකාවට ගෙන්වා දඩුවම් ලබාදිය යුතුව ඇතැයිද විපක්ෂ නායකවරයා කීවේය. මැලේසියාවේ මහකොමසාරිස්වරයාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් Read More

මහකොමසාරිස්වරයාට පහරදීම පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතුයි

කොටි කොඩිය ප්‍රදර්ශනය කරමින් පැමිණි පිරිසක් මැලේසියාවේදි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් රජය දැන්වත් අවධානය යොමු කළ යුතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙය ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලැබු අවමානයක් බවද ඒ මහතා කීවේය. මැලේසියානු මහ කොමසාරිස්වරයාට ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළේදි එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්ථාවර Read More

මහ කොමසාරිස්ට පහරදීම අගමැති හෙළාදකියි

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොලේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට රජයෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් පහරදුන් අයට එරෙහිව පූර්ණ පියවරක් ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. එල්.ටි.ටි.ඊ හිතවාදින් විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදය අවස්ථාවේදී අගමැතිවරයා මේ බව Read More

තවත් ව්‍යාපාරිකයෙක් අතුරුදන්

ති‍්‍රකුණාමලය ප්‍රදේශයේ රජයේ බැංකුවක රන් භාණ්ඩ වෙන්දේසියකට පැමිණ සිටි ව්‍යාපාරිකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. බණ්ඩාරගම, අටුළුගම සිට තවත් සිව් දෙනෙකු සමග රන් භාණ්ඩ වෙන්දේසියට ගිය මොහොමඩ් නස්රීන් (35) ව්‍යාපාරිකයා ආගිය අතක් නැතැයි ඔහුගේ පියා පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වෙයි.

මාධ්‍යවේදී ලසන්තගේ මළ සිරුර ගොඩගන්න යයි

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ මළ සිරුර  ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීම කෙරෙහි එ් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අංශවල විශේෂ අවධානයක් යොමුවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. රගර් ක‍්‍රිඩක වසීම් තාජුඞීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්‍ෂණය නිසි ලෙස සිදුවී නැති ආකාරයටම ලසන්තගේ මරණ පරීක්‍ෂණයත් සිදුවී නැති බවට ඇතිවී තිබෙන සැකයක් මත නැවත පශ්චාත් මරණ Read More

පොලිස් රෝහලේ ඔෟෂධවලින් කොමිස් ගහලා

නාරාහේන්පිට පොලිස් රෝහලේ සුළු මිලදී ගැනීම් ලෙස මාසිකව මිලදී ගන්නා ඹෟෂධ සදහා රුපියල් ලක්‍ෂ 100 කට වැඩි කොමිස් මුදලක් පොලිස් රෝහලේ ඉහළ නිලධාරියෙක් විසින් ලබා ගන්නා බව අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන විමර්ශනයකදී අනාවරණය වෙමින් ඇත. සුළු මිලදී ගැනීම් ලෙස රුපියල් ලක්‍ෂ 300 ක පමණ ඹෟෂධ මාසිකව මිලදී ගන්නා බව එම විමර්ශනවලින් අනාවරණය වී Read More

ශ්‍රී ලංකා තානාපතිට පහරදීම තරයේ හෙළාදකිනවා

මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි. අන්සර් මහතාට පහරදීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම හෙළාදකින බව ශ්‍රී ලංකා රජය පවසයි. විදේශ අමාතාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ. එල්.ටී.ටී.ඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළේදී මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට ප්‍රහාරයක් එල්ල කර තිබුණි. රාජකාරි කටයුක්තක් සඳහා ගුවන් තොටුපළට ගොස් යළි පැමිණෙමින් සිටියදී මහ කොමසාරිස්වරයා Read More

t

o

p