Local News

‘නිල මෙහෙවර’ ඊලඟ පියවර ගාල්ලේදී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනතා සේවයේ 2 වැනි වැඩසටහන පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා Read More

සමාජ ශාලා ගැටුම ගැන පැමිණිලි නෑ

ටවුන්හොල් හි පිහිටි “ක්ලික්” සමාජ ශාලාවේ පසුගිය 08 වැනිදා අලුයම 2කට පමණ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේවන තෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ හේතුවෙන් පොලීසියට විමර්ශණයක් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ. පසුගිය සෙනසුරාදා දිනයේදී අලුයම 2.00ට පමණ මෙම ගැටුම සිදුව ඇතැයි වාර්තා වේ. මේ අතර මෙම සිද්ධියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් Read More

නව ව්‍යවස්ථාව ගැන හැරිසන් කතා කරයි

නව ව්‍යවස්ථාව ගෙන එන්නේ සියළුම පක්ෂවල සාමාජිකයින්ගේ එකඟතාවයෙන් බවත් ඒකාබද්ද විපක්ෂයේ සමහර අය නූපන් දරුවෙකුට හදහන් ලියන්නාක් මෙන් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පි. හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) අඹේවෙල හයිලන්ඩ් කිරිපිටි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් Read More

මියගියා යැයි සිතූ තරුණයා පණ පිටින් මළගෙදර එයි

පසුගිය 08වනදා ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටු 02ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත පදිංචි පුද්ගලයෙකි. කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් ගොඩබිමට දැනුම්දීමේදී ඇතිවූ දෝෂයක් හේතුවෙන් අදාළ දැනුම්දීමේ  21 හැවිරිදි ඉෂාන් මංඡුල නම් අයෙකු මෙම අනතුරින් මියගිය බවට සඳහන්වී තිබේ. එම දැනුම්දීමට අනුව අදාළ තරුණයාගේ ඥාතීන් Read More

ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ප්‍රතිඵල පෙන්වූ පාසල්

පසුගිය ශිෂ්‍යත්ව විභාගයට ඒ ඒ පාසල්වලින් පෙනී සිටි සිසු සිසුවියන්ගේ දක්‍ෂතාවන් මත විභාග දෙපාර්තමේන්තුව විසින් සකස්‌ කරන ලද සාධන දර්ශකයන්ට අනුව නිකවැරටිය, ඇහැටුවැව ඒරියාව කනිෂ්ඨ විද්‍යාලය ප්‍රථම ස්‌ථානය ලබාගැනීමට සමත්ව සිටී. කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලය 2 වැනි ස්‌ථානයට ද මඩාටුගම හෙවනතැන්නේගම කනිෂ්ඨ විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් බොස්‌කෝ විද්‍යාලය තෙවැනි ස්‌ථාන ද ලබා ඇත. ඉහළම Read More

අඟුණුකොළපැලැස්සේ ආරවුලකින් 2ක් මරුට

අගුණකොළපැලැස්ස, බරවකුඹුක ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී එකම පවුලේ පියා සහ බාල පුත්‍රයා ඝාතනය කර මවට සහ වැඩිමහල් පුත්‍රයාට බරපතල තුවාල සිදුකර තිබේ. ඊයේ (09) රාත්‍රියේ නිවසකට කඩා වැදුණු පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 60ක් වන පුද්ගලයෙකු සහ වයස අවුරුදු  26 ක් වන තරුණයෙකි. බරපතළ Read More

ප්‍රධාන ගණයේ අපරාධවල ඉහළ යාමක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ප්‍රධාන ගණයේ අපරාධ වාර්තාවීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිස් අපරාධ විශ්ලේෂණ වාර්තාව පෙන්වාදෙයි. පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ මෙම ප්‍රධාන අපරාධ වාර්තා වීම් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. දෛනිකව වාර්තා වන “ ඩී“ ගණයේ අපරාධ ලෙස සැලකෙන මනුෂ්‍ය Read More

ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී දියේ ගිළී මරුට

ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී දියේ ගිළී මිය ‍ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය පවුලේ සාමාජිකයින් සමඟ විනෝද චාරිකාවකට සහභාගිවී සිටි අවස්ථාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී දැරියන් දෙදෙනා මෙම අනතුරට ලක්වී ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එහිදී එක් දැරියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේ දී ඇයගේ පය ලිස්සා ගොස් ඇති අතර Read More

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි රිය අනතුරක

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද (08) අලුයමදී රිය අනතුරකට ලක් ව තිබෙනවා. දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී අලුයම 2.30 ට පමණ මන්ත්‍රීවරයාගේ මෝටර් රථය ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මහරුෆ්  ගමන් ගත් රථය මෙසේ අනතුරට මුහුණ දී ඇති අතර අනතුර සිදුවන මොහොතේ රථයේ ඔහුගේ පුතා Read More

ගුවන් හමුදා හෙලිකොප්ටර් මුදල් ගෙවිමකින් තොරව ගත්තු කට්ටිය මෙන්න

චන්ඬිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය මෙන්ම තවත් ඇමතිවරු නව දෙනෙකු 2015 ජනවාරි 10 දා සිට 2016 අපේ්‍රල් 30 දා දක්වා කාලය තුළදි රාජකාරි ගමන් වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් මුදල් ගෙවිමකින් තොරව ලබා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදි ඊයේ (06) සභාගත කළ ලේඛනයක දැක්වේ. කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් Read More

t

o

p