මියගියා යැයි සිතූ තරුණයා පණ පිටින් මළගෙදර එයි

October 12, 2016

පසුගිය 08වනදා ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටු 02ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත පදිංචි පුද්ගලයෙකි.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් ගොඩබිමට දැනුම්දීමේදී ඇතිවූ දෝෂයක් හේතුවෙන් අදාළ දැනුම්දීමේ  21 හැවිරිදි ඉෂාන් මංඡුල නම් අයෙකු මෙම අනතුරින් මියගිය බවට සඳහන්වී තිබේ.

එම දැනුම්දීමට අනුව අදාළ තරුණයාගේ ඥාතීන් විසින් ඔහුගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර තිබී ඇති අතර පසුව ඊයේ (10) දිනයේ ලැබුණු නිවේදනයක දක්වා ඇත්තේ අදාළ පණිවුඩය නිවැරදි නොවන බවත් මියගොස් ඇත්තේ වෙනත් පුද්ගලයෙකු බවත්ය.

ඒ අනුව අදාල ඥාතීන් මහත් අපහසුතාවකට පත්ව ඇති අතර ඔවුන් අද (11) ගාල්ල ධීවර වරායට පැමිණ තිබුනේ වැරදීමකින් මියගිය බවට සැලවූ තම ඥාතියා දැකගැනීමේ අරමුණ ඇතිවයි.

t

o

p