Local News

උඩවලව අලි ජාවාරමක් වනජිවිය අනාවරණය කර ගනියි

උඩවලව, හම්බෙගමුව ජනපදයේ කැළැබද ප්‍රදේශයක පවත්වාගෙන ගිය අලි ජාවාරමක් අනාවරණය කර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්වී ඇත. මාස 03 ක් පමණ වන අලි පැටවෙකු කිසියම් පිරිසක් ගෙනයාමට දැරු උත්සාහය වැළකී ඇත්තේ හම්බෙගමුව ජනපදයේ ගම්වාසීන් ක්ෂණිකව මැදිහත්වූ නිසාය. මෙම අලි පැටවා කැලැවෙන් ගෙනවිත් තිබෙන කිසියම් පිරිසක් අලිපැටවා ගසක ගැටගසා තිබී ඇත. අලිපැටවා දුටු ගම්වාසීන් මේ Read More

බන්ධනාගාර ගත කෙරුණු ටිරාන් අලස් එහි රෝහලට යවයි

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. කොළඹ මහාධිකරණය ඊයේ (02) නියෝග කළේ ටිරාන් අලස් හිටපු මන්ත‍්‍රීවරයා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එ් අනුව ඊයේ පස්වරුවේ ඔහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය. පසුව ටිරාන් අලස් හිටපු මන්තී‍්‍රවරයා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර Read More

අගමැති රනිල් හොංකොං වෙත සපැමිණෙයි

15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා – ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස නොවැම්බර් 03 වන දා පෙරවරුවේ හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළින් හොංකොං නගරයට ළඟා විය. හොංකොං නගරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස අග්‍රාමාත්‍යවරයා නවාතැන් ගෙන සිටින ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ දී පිළිගනු ලැබූයේ Read More

කථානායක කරු ගේ කනිටු දියණිය අභාවප්‍රාප්ත වේ

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය ඊයේ (2016-11-02 ) සන්ධ්‍යාවෙහි  ලන්ඩනයෙහිදී අභාවප්‍රාප්ත වූවාය.  කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් (Full Neck Girls School in Yorkshire) හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රාඩ් ෆෝඩ් (Brad Ford) විශ්ව විද්‍යාලයෙන් Read More

පණ්ඩිත් අමරදේව හදිසියේ රෝහල්ගත කෙරේ

හෙළයේ මහා ගාන්ධර්වයා නමින් විරුදාවලි ලබා සිටින ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් රෝහල් ගත කර තිබේ. ඒ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයන් නිසා ය. ඔහු ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර යුහුසුළුව ලබා දෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අමාත්‍ය සාගල රත්නායක මහේල සමග “තරණය”පාගමනට එක්වෙයි

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය සදහා ආධාර එකතු කිරිම සදහා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සංවිධානය කරනු ලැබූ #TrailSL පාගමනේ අවසන් අදියර සදහා අද උදෑසන මාතර බෝ සමිදුන් අභියසින් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා එක්වුණා. අද (02) දින එම පාගමනේ අවසන් දිනයවූ අතර අතර එය දෙවුන්දර Read More

දුම්රිය මග ගිලා බැසිමෙන් උඩරට දුම්රිය ගමන් අඩාලයි

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර දුම්රිය මගේ අඩි හයක් ගිලා බැසීම නිසා අද (02) දිනයේ බදුල්ල නුවර සහ මත‍ලේ දුම්රිය ගමන් අඩාල වී ඇත. රඹුක්කන දක්වා විශේෂ බස් සේවයක් මගීන් මගී ප්‍රවාහනයට පහසුකම් සලසා ඇතැයි දුම්රිය ආරංචි කියයි. මේ හේතුවෙන් කොළඹ – බදුල්ල උඩරට මැණිකේ ශිඝ්‍රගාමී දුම්රිය අද දින තාවකාලිකව නතර කළ Read More

ජී.එල්. ගේ නායකත්වයෙන් නව පක්ෂය ක්

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙකු වන මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ගේ සභාපතිත්වයෙන් යුතුව මල් පොහොට්ටුව ලකුණ දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට කටයුතු කරනා බව එම පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා විසින් මෙම කාරණය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුම් දී තිබේ. Read More

අර්ජුන මහේන්ද්‍රන් හෙට (03) යළි ශ්‍රී ලංකාවට

සමීපතම මිතුරකුගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයකට සහභාගීවිම සඳහා දිවයිනෙන් පිටව ගිය යහපාලන ජාතික රජයේ පස් අවුරුදු ආර්ථික සැලැස්මේ ප්‍රධානි හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හෙට (03) යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහභාගී වූ විවාහ මංගල්‍ය පැවැතියේ ඉන්දුනිසායාවේ ජකර්තා අගනුවරය. විවාහ මංගල Read More

ලංගම ඇතුළු ආයතන 6 ක සේවකයන් ගෙදර යවන්න කෝටි 275 ක් ඉල්ලයි

ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය (ලංගම) ඇතුළු රජයේ ආයතන 6 ක් සේවකයන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්විමේ ක්‍රමයක් යටතේ වන්දි ගෙවා විශ්‍රාම යැවිම වෙනුවෙන් රුපියල් තුන්සිය පන් කෝටි විසිනව ලක්ෂ අසු දහසක මුදලක් අනුමත කරන ලෙස ඉල්ලා රජය විසින් පාර්ලිමේන්තුවට පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

t

o

p