අමාත්‍ය සාගල රත්නායක මහේල සමග “තරණය”පාගමනට එක්වෙයි

November 2, 2016

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය සදහා ආධාර එකතු කිරිම සදහා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සංවිධානය කරනු ලැබූ #TrailSL පාගමනේ අවසන් අදියර සදහා අද උදෑසන මාතර බෝ සමිදුන් අභියසින් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා එක්වුණා.

අද (02) දින එම පාගමනේ අවසන් දිනයවූ අතර අතර එය දෙවුන්දර තුඩුව කරා ලගාවීම සංකේතවත් කරමින් දෙවිනුවර ප්‍රදීපාගාරය අසලින් නිමකරනු ලැබීමට සංවිධායකයින් පියවරගෙන තිබුනා.

මෙම පාගමනට ආධාර පිණිස සණස සංවර්ධන බැංකුවේ මාතර ශාඛාව විසින් ලබාදෙනු ලැබූ චෙක්පත සංකේතතාත්මකව “තරණය” පාගමනේ සංවිධායක කණ්ඩායමට ප්‍රදානය කිරීමද අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් සිදුකරනු ලැබිණි.

මෙම අවස්ථාවට #TrailSL පාගමනේ නිල තානාපතිලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඇතුලු අමාත්‍ය මංගල සමරවීර මහතා, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුලු දේශපාලඥයින් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලු මහජනතාව විශාල පිරිසක්ද එක්ව සිටියේය.

t

o

p