Local News

සා/පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශයට පත් කරයි

2017 වසර සඳහා පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 8සිට සැප්තැම්බර් මස 02 වැනිදා  පැවැත්වේ. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 20වන ඉරු දින පැවැත්වේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 12 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා පැවැත් වෙන Read More

රටට අවශ්‍ය බොල් හඩවල් නොව දේශප්‍රේමින්ගේ හඩයි – ජනපති

රටට අවශ්‍යව ඇත්තේ හිස් මිනිසුන්ගේ බොල් හඩවල් නොව යහපත් උගත් සහ දේශපේ‍්‍රමීන්ගේ අවංක හඩ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනපති චින තානාපති හමුවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (10) ශී‍්‍ර ලංකාවේ චීන තානාපති යී ෂියැංලියැං හමු විය. හම්බන්තොට වරාය සහ කර්මාන්ත පුරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බව හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයකු ප්‍රකාශ කළේය. පසුගිය 07 වැනිදා හම්බන්තොට සිදු වු කලහකාරී සිදුවීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්ව තිබේ. කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදු වී ඇත.

රිිමාන්ඩ් කළ විමල් බන්ධනාගාර ඊ වාට්ටුවට යවයි

රිමාන්ඩ් බාරයට පත් වු හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (10) සවස වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිය දී රිමාන්ඩ් බාරයේ සිටියේ ද, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයේ සිටියේ ද මෙම ‘ඊ‘ වාට්ටුවේ බව සදහන්ය. රිමාන්ඩ් කැරුණු වීරවංශ මහතා බැලීමට හිටපු Read More

ආසියා පැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා රවි = බ්‍රිතාන්‍ය ‘ද බෑන්කර් ‘ සඟරාව නම් කරයි.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර් ‘ සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබේ.

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

පොලිස් කොමිසමේ සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ පිළිබඳ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කටුනායක ගුවන් තොටුපොළේ අලුත්වැඩියා අරඹයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථයේ අලුත් වැඩියා කටයුතු අද උදෑසන 8.30ට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා හා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබිය. එහි අලුත්වැඩියා කටයුතු චීන සමාගමක් විසින් සිදුකරන අතර උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා ගුවන් ගමන් සිදුනොවනු ඇත. අප්‍රේල් මස දක්වා මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරයි.

ආණ්ඩුවේ විකිණීමට එරෙහි ජවිපෙ විරෝධතාවයක

ජනතාවගේ දේපල විදේශිකයින්ට විකිණීමට තීරණය කිරීම හදිසියේ ඇති වූවක් නොව ආණ්ඩුවේ දිගු කාලීන ප්‍රතිපත්තියක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. හම්බන්තොට වරාය චීනයට විකිණීමට හා හම්බන්තො‍ට ඉඩම් අක්කර 15000ක් චීන ආයෝජකයින්ට ලබා දිම සඳහා ආණ්ඩුව ගෙන ඇති තිරණයට විරෝධය පළකරමින් අම්බලන්තොට ලැයිම හන්දියෙන් විරෝධතා පා ගමන ඇරඹූහ. මහ සංඝරත්නය, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, කලාකරුවන් ඇතුළු බොහෝ Read More

අපි ගාව ඉන්ටවල් නැහැ – චක්‍රලේඛය අහෝසි කරනතුරු සටන් කරනවා

බාහිර උපාධිය කප්පාදු කිරීමට ආණ්ඩුවෙන් ගෙනආ 2016/13 චක්‍රලේකය අහෝසි කොකර රැවටිලිකාර විසඳුම් ලබාදීමට එරෙහිව විරෝධය පාමින් බාහිර උපාධිය සුරැකීමේ සංවිධාන එකතුව විසින් ඊයේ (24) කෑගල්ල නගරයේදී උද්ඝෝෂණ පාගමනක් පැවැත්විය. ඒ සඳහා බාහිර උපාධි ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, දෙමව්පියන් හා විවිධ සංවිධාන රැසක් ඒ සඳහා එක්විය. කෑගල්ල පොලීසිය විසින් විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදුන්නද පැය 2කට ආසන්න කාලයක් පාගමක් Read More

t

o

p