භූමිතෙල් මිල රු.5කින් අඩු කෙරේ.

January 11, 2017

භූමි තෙල් ලීටරයක මිල අඟහරුවාදා (10) මධ්‍යම රාත්‍රියේ සිට රු.5 කින් අඩු කර ඇත. ඒ අනුව දැනට ලීටරය රු.49/-ක් වන භූමි තෙල් මිල රු.44/- දක්වා අඩු වනු ඇත.

 

2017 අයවැය මඟින් භූමිතෙල් ලීටරයක්  ජනවාරියේ සිට රු.5කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශයට පත් කර තිබිණි.

 

ඒ අනුව මෙම මිල අඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබේ.

t

o

p